Friday, February 22, 2013

Galaxy S4 ළගදීම....

          ෆෝන් අතර සැබෑම වෙනසක්,අලුත් දෙයක් හදුන්වල දීපු Samsung සමාගමේ අලුත්ම නිෂ්පාදනයක්‌ විදිහට මේ Galaxy s4 ළගදීම වෙළදපොලට පැමිනෙයි.මෙන්න ඒ ගැන තොරතුරු ටිකක්....





 
General 2G Network GSM 850 / 900 / 1800 / 1900
3G Network HSDPA 850 / 900 / 1900 / 2100
4G Network LTE
SIM Micro-SIM
Announced Exp. announcement 2013, Q1
Status Rumored. Exp. release 2013, Q2
Body Dimensions -
Weight -
Display Type Super AMOLED capacitive touchscreen, 16M colors
Size 1080 x 1920 pixels, 5.0 inches (~441 ppi pixel density)
Multitouch Yes
Protection Corning Gorilla Glass 2
 - TouchWiz UI
Sound Alert types Vibration; MP3, WAV ringtones
Loudspeaker Yes
3.5mm jack Yes
Memory Card slot microSD, up to 64 GB
Internal 16 GB storage, 2 GB RAM
Data GPRS Yes
EDGE Yes
Speed HSDPA, 42.2 Mbps; HSUPA, 5.76 Mbps; LTE, Cat3, 50 Mbps UL, 100 Mbps DL
WLAN Wi-Fi 802.11 a/b/g/n, dual-band, DLNA, Wi-Fi Direct, Wi-Fi hotspot
Bluetooth Yes, v4.0 with A2DP, EDR
NFC Yes
USB Yes, microUSB v2.0 (MHL), USB On-the-go
Camera Primary 13 MP, autofocus, LED flash
Features Simultaneous HD video and image recording, geo-tagging, touch focus, face and smile detection, image stabilization, HDR
Video Yes, 1080p@30fps
Secondary Yes
Features OS Android OS, v4.2 (Jelly Bean)
Chipset Exynos 5450 Quad
CPU Quad-core 2 GHz Cortex-A15
Sensors Accelerometer, gyro, proximity, compass, barometer
Messaging SMS(threaded view), MMS, Email, Push Mail, IM, RSS
Browser HTML5, Adobe Flash
GPS Yes, with A-GPS support and GLONASS
Java Yes, via Java MIDP emulator
Colors Titanium Gray, Sapphire Black
 - S-Voice natural language commands and dictation
- Smart Stay eye tracking
- Dropbox (50 GB storage)
- Active noise cancellation with dedicated mic
- TV-out (via MHL A/V link)
- SNS integration
- MP4/DivX/XviD/WMV/H.264/H.263 player
- MP3/WAV/eAAC+/AC3/FLAC player
- Organizer
- Image/video editor
- Document viewer (Word, Excel, PowerPoint, PDF)
- Google Search, Maps, Gmail,
YouTube, Calendar, Google Talk, Picasa
- Voice memo/dial/commands
- Predictive text input (Swype)
Battery   Li-Ion 2600 mAh battery







         




















































































































Thursday, February 7, 2013

ඔබේ දුරකථනයත් NFC තාක්‍ෂණය සහිතද?

                                    අද වෙළදපොලේ ඇති නවීන දුරකථනය සදහා ලබාදෙන NFC තාක්‍ෂණය ගැන හුගක් දෙනෙක් දන්නේ නෑ.ඔයාල අලුතෙන්ම PHONE එකක් ගන්නකොට මම කියන දේ ඔයාලට මතක්වෙයි.මොකද්ද ඇත්තටම මේ NFC.
Near Field Communication කියන ඒක කෙටිකරලා තමයි  (NFC) කියන්නෙ.NFC ඔයාගේ ජංගම දුරකථනය මගින් අපට අවශ්‍ය දේ යම්කිසි ටැග් එකකට programme කිරීමෙන් එය අසලදී  දුරකථනය එයට අනුව ක්‍රියා කිරීමට පටන්ගන්නවා.උදාහරණයක්‌ වෙදිහට, ඔයා හැමදාම නිදන කාමරයට ගියසැනින් දුරකථනය silent කර,පාන්දර 5 ට alarm තබා සිංදුවක් අසමින් නින්දට යාමට පුරුදුවී සිටිනවායි සිතමු.ඉහත කතාන්දරය programme කල ටැග් එකක් ඔයාගේ නිදන කාමරයේ එල්ලා තැබීම දැන් ප්‍රමාණවත්.ඔබ කාමරයට ඇතුළුවූ සැණින් ඔබේ දුරකථනය ඔබේ සිතුවිලි අනුව ක්‍රියා කරාවි.
    ඔබගේ කාර්යාලයට  ඇතුළු වෙන සියලු දනාගේම දුරකථන silent කිරීමට ඔබට දැන් පුළුවන්.

   ඒ වගේම NFC හරහා ඔබගේ File share කිරීමටත් පුළුවන්.
NFC යනු two-way communication එකක්.මෙය ඉතා ප්‍රයෝජනවත් කාර්යන් සදහා යොදාගත හැකියි.දැනට ලංකාවේදී පවා NFC payment කිරීමට බාවිතා කරනව.මේ ගැන වැඩි විස්තර මතනින්.



 





ලංකාවේ NFC බාවිතා කරයි.
                                                                    
NFC TAG එකක්.




දැන් ඔයාගේ ෆෝන් එකේ NFC නැත්තම් මොකද කරන්නේ.ෆෝන් ඒක Android ම් බයවෙන්න එපා.මම ලගදීම කියල දෙන්නම්....LAP එකටත් එක්කම.ජය වේවා.


Wednesday, February 6, 2013

  OLED තාක්ෂණය  

 

LCD,LED LCD අද ඊයේ ආපු දේවල් වගේ හිතුවට ඒවා යල්පැනලා ඉවරයි.අලුත්ම තාක්ෂණය OLED.අපි බලමු මේ OLED කියන්නේ මොකද්ද කියල.

Organic Light Emitting Diode කියන එක තමා ඔය OLED කියන්නේ. මේක පරිගණක, ජංගම දුරකථන, කැමරා, ගීත ධාවක (MP3 Players) ආදී බොහෝ උපකරන වල තිර (Display) සදහා බාවිතා කරන නවතතාක්ෂණයක්. 

මේ සදහා බාවිතා කරන්නේ විදුලි ධාරාවක් ලබාදුන්නම ආලොකය විමෝචනය කිරීමේ හැකියාව තියන Organic නැත්නම් ඓන්ද්‍රීය (කාබන් මූලික) අමුද්‍රව්‍යය උපයෝගී කරගෙන තමයි මේ OLED නිර්මානය කරල තියෙන්නේ. මෙන්න මේ හේතුව නිසා OLED තිරවල LCD තිරවලදි වගේ Back light එකක් බාවිතා වෙන්නේ නෑ. මේනිසා විශාල ලෙස විදුලිය ඉතිරිවෙනව විතරක් නෙවෙයි ඉතාමත්ම තුනී තිර නිශ්පාදනයට ඉඩ ලැබෙනව. 
කොයිතරම් තුනීද කියනවනම් මේ OLED නැනෝමීටර් 100ත් 500ත් අතර ගනකමක් ඇතිව තමා නිශ්පාදනය වෙන්නේ. ඒ කියන්නෙ කෙස් ගසකින් 200කින් පංගුවක් තරම් ගනකමට. හිතාගන්නවත් පුළුවන්ද?.කලින් බාවිතාකල තිර තාක්ෂණයෙදි සම්පූර්න තිරයට තනි Back light එකක් බාවිතා කරනව වෙනුවට මේ OLED තාක්ෂණයේදී තිරයේ එක් එක් පික්සලය සදහා වෙන වෙනම OLED බාවිතා කරනව. 
මේ හේතුව නිසා ඉතා විශාල විභෙදන බලයක් සහිත (High resolution) තිර සහ විශාල පුළුල් තිර නිශ්පාදනයට මග පෑදිලා තියනව. ඒ වගේම තවත් වාසියක් තමයි මේ OLED තිර මගින් ලබාදෙන ඉතාමත් සුපැහැදිලි වර්ණ.

කොහොමද මේ OLED වැඩකරන්නෙ?

මූලිකවම OLED එකක කැතොඩයක් (ඉලෙක්ට්‍රෝන ලබාදීමට), විමෝචක ස්ථරයක් (අනුක කාබනික ස්ථරය) සහ ඇනොඩයක් (ඉලෙක්ට්‍රෝන ලබාගැනීමට) අන්තර්ගත වෙනව. තිරයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සදහා අතැම් තිරවල මීට වඩා වැඩි ස්ථර ගනනක් බාවිතා උනත් මේක තමා OLED තිර වල මූලිකම ව්‍යුහය.


මෙන්න මේ ඇනෝඩය සහ කැතොඩය අතර විභව අන්තරයක් ඇතිකලාම ඒ අතර තැම්පත් කරල තියන කාබනික ස්තරය හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන්කරද්දි තැම්පත් කරල තියන අනුක කාබනික ද්‍රව්‍යයට හා එහි ව්‍යුහයට අදාල වර්ණය විමෝචනය කරනව.

OLED තිර හදන්නෙ කොහොමද?


මේ OLED තිර නිශ්පාදනය පියවර කීපයක් ඔස්සේ සිදුවෙනව. උප ස්ථරය පිරිසිදුකර පරිපථ ස්ථරය සැකසීම, අනුක කාබනික ස්ථරය ඇතිරීම සහ ක්‍රමානුකූලව නියමිත රටාවට එය සැකසීමත් අවසාන වශයෙන් දූවිල්ලෙන්, වාතයෙන් සහ තෙතමනයෙන් ආරක්ෂාකරගැනීමට වායුරෝධක ලෙස ඇසුරුම මුද්‍රාතැබීමත් සිදුවෙනව. මෙහිදී කාබනික ස්ථරය ඇතිරීමට සහ එය නිසිලෙස සැකසීමට විවධ වූ ක්‍රම භාවතා තරනව.





 

Monday, February 4, 2013

  නොමිලේ IDD දුරකතන ඇමතුම්..


ඈත  රටකට වෙලා ඉන්න අයට තමන්ගේ හිතවතෙකුට කතා කරන්න තියනවනම් එතරම් වටින දෙයක් තියනවද?ඒත් ඒ වෙනුවෙන් මොනතරම් මුදලක් වැය වෙනවද?   (අපි දන්නවනේ ...)
ඒකට  විසදුමක් විදිහට skype,nymgo... වගේ විකල්ප සොයාගෙන යන අතරේ ඕනෑම phone OS එකකට ගැළපෙන සොෆ්ට්වෙයා එකක් හම්බඋනා.ඒ තමයි Viber .ජංගම දුරකතනය හරහා වෙනත් ඕනේම රටක ඉන්න කෙනෙක්ට දුරකතන ඇමතුමක් කෙටි පණිවිඩයක් යැවීමට බාවිතා කරන්න පුලුවන් ඉතාමත් වටිනා සේවාවක් තමයි Viber කියන්නේ. මෙහි විශේෂත්වය වන්නේ සියල්ල නොමිලේ ලබා දීමයි. ඒ වගේම පරිගණකයට මේ මෘදුකාංගය ස්තාපිත කරගෙන ඒ හරහා ලෝකයටම ඇමතීමේ හැකියාවත් පවතිනවා. කිසිම මුරපද පරිශීලක නාම ලබාදීමකින් තොරව පරිහරණය කිරීමට හැකි වීමත් මෙහි පවතින ඉතාමත් හොද විශේෂත්වයක්.
ඒ වගේම ඔබේ ජංගම දුරකතන අංකයම බාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඒ කියන්නේ ඔයාලගේම අංකයෙන් ලෝකයටම අමතන්න පුලුවන්. නමුත් ඔයාලාගේ සේවා සපයන ආයතන වලින් අය වීමක් කරන්නේ නෑ. සියල්ල නොමිලේ. 
එසේම Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි වල පවතින සම්බන්දතාත් මේ හරහා ලබා ගන්න පුලුවන්. මේ සේවාව මගින් බාවිත කරන cutting-edge technology නිසා ලෝකායේ කොහෙට කතා කලත් ඉතාමත් පැහැදිලි හඩක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. බොහොමයක් මෙවෙනි සේවාවන් වලින් අතරමගදී ඇඩ්වර්ටීස්මන්ට් ඉදිරිපත් කිරීමක් කලත් මේ සේවාව මගින් එවැනි ඇඩ් ලබාදීමක් කරන්නේ නැති නිසා නිදහසේ ඇමතිම් පහසුමක් ලබාගන්න පුලුවන්.  
ඒ වගේම මෙ මෘදුකාංගය මගින් ඔබේ පරිගණකයට හෝ ජංගම් දුරකතනයේ RAM ඒකට බාධාවක් කරන්නේ නෑ.RAM බාවිතය ඉතාමත් අඩුයි. මේ වෙනකොට පහතින් දක්වලා තියන සියලුම ජංගම දුරකතන මෙහෙයුම් පද්දති වෙනුවෙන් සහය දක්වනවා. 


  • ISO
  • Android
  • Windows Mobile
  • Blackberry
  • Nokia
  • Bada





මේතනින් Viber වෙබ් අඩවියට යන්න පුළුවන්.












Saturday, February 2, 2013

අන්තර්ජාල පසුකම් නැතත් අන්තර්ජාලයේ සැරිසරන්න.



        ගෙදරට අන්තර්ජාල පහසුකම් නැති ලංකාවේ අය කරන්නේ 
Internet Cafe එකකට යන එක.නැත්තං යාළුවෙකුගෙ ගෙදරක යනවා.ඒවගේ තැන්වල පැය ගණන් රස්තියාදු වෙන්න අකමැති කෙනකුට මෙන්න. 
                                            මේ Software එකේ නම තමයි ඕෆ්ලයින් එක්ස්ප්ලෝරර් (Offline Explorer). මේකෙන් ඔයාලට කරන්න පුලුවන් දේ සරලවම කිව්වොත් ඔයාලට මේ මෘදුකාංගය භාවිතා කරලා වෙබ් සයිට් එකක් සම්පූර්ණයෙන්ම තමාගෙ පරිගණකයට බාගන්න හැකියාව තියනවා.Offline Explorer හරහා විශාල වෙබ් අඩවියක් උනත් සියලු Hyperlink එක්කම ඉතා ඉක්මනින් බා ගැනීමේ හැකියාව තියනවා.එසේම එම කටයුත්ත සඳහා පමණක් සීමා වූ මෘදුකාංගයක් ලෙස මෙය හඳුන්වන්න බෑ.Download කරගත් වෙබ් අඩවියක් මෘදුකාංගය තුල තිබෙන බ්‍රවුසර් එක හරහා තමාට රිසි පරිදි එම වෙබ් අඩවිය සංස්කරනය කරගැනීමට අවශ්‍ය පහසුකම් තියනවා.එසේම මෙම මෘදුකාංය හරහා Download කරගන්නා වෙබ අඩවි CD / DVD තැටි වලට ගබඩා කරගැනීම පවා මෙම මෘදුකාංගය හරහා ඔබට සිදු කරගන්න පුලුවන්.                                                                
                        දැන් ඔයාට ඔනෙකරන සියලුම දේවල් පොතක් වගේ අරගෙන ඇවිත් බලාගන්න පුළුවන්.නිදසුන් ලෙස තමාගේ අධ්‍යාපන කටයුතු සඳහා එකම වෙබ් අඩවියකට Interne Cafe එකක් හරහා පිවිසෙන අයෙකුට මෙම මදුකාංගය භාවිතයෙන් එම වෙබ් අඩවිය DVD එකකට ගෙන Internet නැති ගෙදර Computer එකෙන් රිසි පරිදි තමාට අවශ්‍ය කටයුතු සිදු කරගන්න පුලුවන්.ඔන්න එහෙනම් ඕන කට්ටිය Download කරගන්න.ඕන නැති වුනත් අත්හදා බලන්න හරි කැමති අය ඇතිනේ.
             
                                    මෙතනින් ගිහින් ගන්න.