Monday, December 9, 2013

Tunein රේඩියෝ අහන්න කියාපු බඩුවක්.....



                         ඔන්ලයින් (Online) රේඩියෝ ගොඩක්ම වැදගත් වෙන්නේ අපිට ලෝකයේ ඕනෙම රටක රේඩියෝ නාලිකාවකට සවන්දෙන්න පුළුවන් වීමයි.
මෙතැනදී මම කියන්නේ අන්න ඒ අවශ්‍ය තාවය හෝදිනම ඉටු කරන තැනක් ගැන ඔයාලට කියන්නයි.
ඒ තමයි Tunein .
මෙන්න  මෙතනින් ඔයාලට tunein වෙත යන්න පුළුවන්.
Tunein වෙත.


තමන් ඉන්න රටේ නාලිකා වලට සවන් දෙන්න ඕනෑනම් local Radio > වලට යන්න.
තමන් ඉන්න රටෙහි නොවන (ලෝකයේ ඕනෑම රටක නාලිකාවකට සවන්දෙන්න)  By Location > වලට යන්න.එතැනදී ඔයාල තමන් හොයන රටට අදාල කලාපය තෝරන්න. (උදාහාරයක් විදිහට Africa , Antarctica , Asia , Europe... ආදී වශයෙන්,)
එතැනදී  අපි තේරු කලාපයට අදාල සියලුම රටවල් අකාරාදී පිලිවලට එනවා.තමන් හොයන රට තෝරලා කැමතිම නාලිකාව රසවිදින්න.
ඔයාලගේ  Android දුරකථනයට Tunein දාගන්න ඕනෙනම් මෙතනින්  යන්න.iphone වලටත් දාගන්න පුළුවන්.


 මෙතැන වාසිය තමයි ගොඩක්ම slow උනත් කැඩෙන්නේ නැතිව එකදිගටම රසවිදින්න පුළුවන්.ඒත් කැඩෙනවනම් විනාඩියක් විත‍ර Pause කරලා තියල Play කරන්න.
 බලන්න අහල හොදයිද කියල.

Friday, December 6, 2013

බ්ලොක් කරපු වෙබ් අඩවි වලට යන්න,

මෙන්න  මෙහම...

ලංකාව ඇතුළු බොහෝ රටවල ,ආයතන වල විවිධ වෙබ් අඩවි වාරණයට ලක් කොට තිබෙනවා. එසේ වාරණය කර ඇති වෙබ් අඩවි වලට පිවිසීමට විවිධ ක්‍රම භාවිතා වනවා. එවැනි එක් ක්‍රමයක් තමයි ප්‍රොක්සි මෘදුකාංග. ප්‍රොක්සි මෘදුකාංග භාවිතා කිරීමී වාසිය නම් තමන්ගේ අනන්‍යතාවය හා පෞද්ගලිකත්වය බාහිරට නොපෙන්වා ආරක්ෂිතව අන්තර්ජාලය පරිහරණය කිරීමේ හැකියාවයි. විවිධ ප්‍රොක්සි මෘදුකාංග අන්තර්ජාලය පුරාම තිබෙනවා. එයින් වඩාත්ම භාවිතය පහසු මෘදුකාංගයක් තමයි මේ.



Ultra Surf

ultrasurf


මෙම Ultra Surf මෘදුකාංගය භාවිතා කිරීම සඳහා ස්ථාපනය (install) කිරීම අවශ්‍ය වන්නේ නැහැ. බාගත කරගෙන ධාවනය කිරීම ප්‍රමාණවත්. මෙය භාවිතයෙන්ද බ්ලොක් කර ඇති වෙබ් අඩවි වලට යාමට හැකියාව ලැබෙනවා.
 මෙන්න මතනට ගිහින් Download කරන්න.

ගොඩ  ගියොත් අපිට කියන්න.

Tuesday, June 18, 2013

GPRS Settings - Dialog,Mobitel,Etisalat,Airtel,Hutch

ජංගම දුරකථන ජාල පහේම GPRS Settings  

 

                                  මගේ යාලුවෙක්ට උඩවලවේ ගිහින් ,අලුත් sony ෆොන් එකකකට GPRS Settings හදාගන්න ඕනේ වුණා.ඒවගේ වෙලාවට මේ වගේ post එකක් ගොඩාක් වටිනවනෙ. SIM එක දාපු ගමන් GPRS settings ඉබේ හැදෙන්නෙ නැති ෆෝන් ගොඩක් තියෙනවනෙ. ඒවට settings ගන්න පාරිභෝගික සේවාවල කට්ටියට නොවඳිනා වැඳුම් වඳින්න ඕනෙ. සමහරවිට දහ දොළොස් පාර කතා කළත් ඒ අය settings එවන්නෙ නෑ. මෙන්න මම ලංකාවෙ ජංගම දුරකථන ජාල පහේම GPRS settings අරන් ආවා. ඕන නම් මේ post එක ඔයාගෙ කොම්පියුටරේට copy කරල තියාගන්න. එතකොට settings හදාගන්න කවුරුවත් ඕන නෑනෙ.


Airtel

Account Name/Connection Name: Airtellive
Access Point Name (APN): Airtellive
Username: (leave it blank)
Password: (leave it blank)
Proxy Server Address: 010.200.184.086
Proxy port / Port: 8080
Home Page: http://wap.airtel.lk
Data Bearer: GPRS / Packet Data
Authentication: Normal
Connection Type: HTTP


Dialog

Account Name/Connection Name: Kitw@p
Access Point Name (APN): ppwap
Username: (leave it blank)
Password: (leave it blank)
Proxy Server Address: 192.168.122.002
Proxy Port / Port: 8080
Home Page: http://www.dialogwap.com
Data Bearer: Packet Data / GPRS
Authentication: Normal
Connection Type: HTTP


Etisalat

Account Name/Connection Name: Etisalat Gprs
Access Point Name (APN): wap
Username: (leave it blank)
Password: (leave it blank)
Proxy Server Address: 192.168.104.004
Proxy Port / Port: 9401
Home Page: http://wap.etisalat.lk
Data Bearer: Packet Data / GPRS
Authentication: Normal
Pin: 1234 (If requests)
Connection Type: HTTP


Hutch

Account Name/Connection Name: Hutch WAP
Access Point Name (APN): htwap
Username: (leave it blank)
Password: (leave it blank)
Proxy Server Address: 010.220.135.249
Proxy Port / Port: 8080
Home Page: http://wap.hutch.lk
Data Bearer: Packet Data / GPRS
Authentication: Normal
Pin: 1234 (If requests)
Connection Type: HTTP


Mobitel

Account Name/Connection Name: Mobitel wap
Access Point Name (APN): mobitel3g
Username: (leave it blank)
Password: (leave it blank)
Proxy server Address: 192.168.050.163
Proxy Port / Port: 8080
Home Page: http://wap.mobitel.lk
Data Bearer: Packet Data / GPRS
Authentication: Normal
Connection Type: HTTP

Sunday, April 28, 2013

Flightradr24 ගුවන්යානා ගැන ඔත්තු බලමු.

ලෝකයේ ගුවන් ගමන් විස්තර සජීවීව බලමු.

     ඔබේ හිසට ඉහළින් ගමන් කරන ගුවන් යානයේ සම්පූර්ණ විස්තර ෆෝන් ඒකෙන් බලාගන්න කැමතිද ? පොඩි දෙයක් කරන්න තියෙන්නේ.මෙතනින් යන්න www.flightradar24.com
   දැන් ලෝකේ පුරාම තියන ගුවන්යානා සහ ඒවා දැන් පිහිටීම සජිවීව බලාගන්න පුළුවන්. දැනට ගමන් කරන වේගය, මුහුදු මට්ටමේ සිට උස, සුළගේ වේගය, ගමන් පථය,......... සියලුම විස්තර මෙතන තියනවා.අවශ්‍ය ගුවන්යානය උඩ click කරන්න විතරයි තියන්නේ. ලංකාව හැර ඕනෙම රටක විස්තර තියනවා. male තමයි මම වැඩියම බැලුවේ. හරියටම හරි.
          android,apple,windows  ඕනෙම ෆෝන් එකකට මේ apps ඒක දාගන්න පුළුවන්.




Tuesday, April 23, 2013

බ්ලොක් කරපු web site වලට රිංගමූ ...

බ්ලොග් කරපු site වලට යන්නේ මෙහෙමයි

 

ගොඩ දවසකින් Blog එකක් ලියන්න හිතුනේ මට මේ ප්‍රශ්නෙට මුනදෙන්න වුන නිසා.අන්තර්ජාලය භාවිතා කරන අපි කාටත් පැනනගින ප්‍රශ්ණයක් තමයි නොයෙකුත් වෙබ් අඩවි වලට පිවිසිය නොහැකි වීම . එයට හේතු 2ක් තියනවා.
පළමු හේතුව වන්නේ ISP විසින්, ඒ කියන්න Internet Service Provider විසින්  නොසුදුසු වෙබ් අඩවි බ්ලොක් කිරීම.  
දෙවන හේතුව වන්නේ නොයෙකුත් වෙබ් අඩවි රටවල් කීපයකට පමණක් සිමා වීම.
  කවුද කැමති තමන්ට සිමා පනවනවට.ඒත් ඒවාට සාධාරණ හේතු තියන්න පුළුවන්.නමුත් අපිට යන්න අවශ්‍ය තැනට යන්න අපි පාර කපාගන්න ඕනේ.
එවැනි වෙබ් අඩවි වලට පිවිසිය හැකි ක්‍රම කීපයක් තිබේ .ඕනනං අපි ඉන්න රට වෙනස්කරන්න පුළුවන්.එතකොට වාසි ගොඩාක් තියෙනවා. අද මම කියන්න හැමෝටම කරන්න පුළුවන් ලේසි ක්‍රමයක්.
 
 දැන් බලමු මේක කොහමද කරන්නෙ කියල . මුලින්ම මෙතනින් වෙබ් අඩවියට පිවිසෙන්න .





ඉහත රුපයේ ඊතලයෙන් දැක්වෙන ස්ථානයේ ඔබට පිවිසීමට අවශ්‍ය වෙබ් අඩවිය සටහන් කරන්න . 

දැන් Go බටන් එක ක්ලික් කරන්න . දැන් කොහොමද ?
වැඩේ ගොඩනෙ :) 
වැරදි  විදිහට පාවිච්චි කරන්න එපා.අවස්ථාවට පාවිච්චි කරන්න.


මෙන්න ඒවගේ තවත් Proxy අඩවි කීපයක් .


http://ninjacloak.org/

http://www.theninjacloak.com/

http://www.ninjacloak.me/

http://www.theninjacloak.com/ 
එහනම් සුරංග ගියා.

Sunday, March 24, 2013

 ෆෝන් ඒක හදපු රට හොයමු...  

 














ඔයලා ෆෝන් ගන්න ගිහාම ඒක හදල තියන රට ගැන ගොඩාක් හිතනවා.ඔයාගෙ mobile ‍‍‍ෆෝන් එක, ඩොන්ගල් එක හදපු රට ඒකෙ IMEI අංකෙන් හොයන්න පුළුවන්. IMEI කියන එකේ තේරුම තමයි International Mobile Equipment Identity. ඒක unique number එකක්. ඒ කියන්නෙ එක වගෙ දෙකක් නෑ. හැබැයි මේක තියෙන්නෙ 2004 ට පස්සෙ හදපු mobile devices වල විතරයි.
                                    දන්නව ඇතිනෙ IMEI අංකෙ හොයන හැටි? call එකක් ගන්න විදිහට ඔයාගෙ mobile ‍‍‍ෆෝන් එකෙන් *#06# (තරුවයි කොටුවයි බින්දුවයි හයයි කොටුව) dial කළාම ඒක ගන්න පුළුවන් (ඒක සමහරවිට ඔයාගෙ device එකේ print කරලත් ඇති).
                                    IMEI අංකෙට ඉලක්කම් 15 ක් තියෙනවා. ඒවයින් mobile device එක හදපු ර‍ට හොයන්න උදවු වෙන්නෙ 7 වෙනි ඉලක්කමයි, 8 වෙනි ඉලක්කමයි (YY) විතරයි. IMEI අංකෙක ආකෘතිය මේ විදිහයි.


XXXXXX YY ZZZZZZ A
  • XXXXXX - Type apptoval code - මාදිලි අනුමැති කේතය
  • ZZZZZZ - Serial number - ශ්‍රේණිගත අංකය
  • A - Check digit - පරීක්ෂක සංඛ්‍යාංකය
  • YY =
01 or 10 - Finland 02 or 20 - Germany 03 or 30 - Korea 04 or 40 - China
05 or 50 - Brazil, USA, Finland
06 or 60 - Hong Kong, China, Mexico
07 or 70 - Finland
08 or 80 - Hungary
91          - Finland
00          - Finland, Korea, Mexico


දැන් ෆෝන් ගලවල බලන්න ඕනේ නැහැ.බලන්න මේක හරිද කියල.

Friday, February 22, 2013

Galaxy S4 ළගදීම....

          ෆෝන් අතර සැබෑම වෙනසක්,අලුත් දෙයක් හදුන්වල දීපු Samsung සමාගමේ අලුත්ම නිෂ්පාදනයක්‌ විදිහට මේ Galaxy s4 ළගදීම වෙළදපොලට පැමිනෙයි.මෙන්න ඒ ගැන තොරතුරු ටිකක්....





 
General 2G Network GSM 850 / 900 / 1800 / 1900
3G Network HSDPA 850 / 900 / 1900 / 2100
4G Network LTE
SIM Micro-SIM
Announced Exp. announcement 2013, Q1
Status Rumored. Exp. release 2013, Q2
Body Dimensions -
Weight -
Display Type Super AMOLED capacitive touchscreen, 16M colors
Size 1080 x 1920 pixels, 5.0 inches (~441 ppi pixel density)
Multitouch Yes
Protection Corning Gorilla Glass 2
 - TouchWiz UI
Sound Alert types Vibration; MP3, WAV ringtones
Loudspeaker Yes
3.5mm jack Yes
Memory Card slot microSD, up to 64 GB
Internal 16 GB storage, 2 GB RAM
Data GPRS Yes
EDGE Yes
Speed HSDPA, 42.2 Mbps; HSUPA, 5.76 Mbps; LTE, Cat3, 50 Mbps UL, 100 Mbps DL
WLAN Wi-Fi 802.11 a/b/g/n, dual-band, DLNA, Wi-Fi Direct, Wi-Fi hotspot
Bluetooth Yes, v4.0 with A2DP, EDR
NFC Yes
USB Yes, microUSB v2.0 (MHL), USB On-the-go
Camera Primary 13 MP, autofocus, LED flash
Features Simultaneous HD video and image recording, geo-tagging, touch focus, face and smile detection, image stabilization, HDR
Video Yes, 1080p@30fps
Secondary Yes
Features OS Android OS, v4.2 (Jelly Bean)
Chipset Exynos 5450 Quad
CPU Quad-core 2 GHz Cortex-A15
Sensors Accelerometer, gyro, proximity, compass, barometer
Messaging SMS(threaded view), MMS, Email, Push Mail, IM, RSS
Browser HTML5, Adobe Flash
GPS Yes, with A-GPS support and GLONASS
Java Yes, via Java MIDP emulator
Colors Titanium Gray, Sapphire Black
 - S-Voice natural language commands and dictation
- Smart Stay eye tracking
- Dropbox (50 GB storage)
- Active noise cancellation with dedicated mic
- TV-out (via MHL A/V link)
- SNS integration
- MP4/DivX/XviD/WMV/H.264/H.263 player
- MP3/WAV/eAAC+/AC3/FLAC player
- Organizer
- Image/video editor
- Document viewer (Word, Excel, PowerPoint, PDF)
- Google Search, Maps, Gmail,
YouTube, Calendar, Google Talk, Picasa
- Voice memo/dial/commands
- Predictive text input (Swype)
Battery   Li-Ion 2600 mAh battery







         




















































































































Thursday, February 7, 2013

ඔබේ දුරකථනයත් NFC තාක්‍ෂණය සහිතද?

                                    අද වෙළදපොලේ ඇති නවීන දුරකථනය සදහා ලබාදෙන NFC තාක්‍ෂණය ගැන හුගක් දෙනෙක් දන්නේ නෑ.ඔයාල අලුතෙන්ම PHONE එකක් ගන්නකොට මම කියන දේ ඔයාලට මතක්වෙයි.මොකද්ද ඇත්තටම මේ NFC.
Near Field Communication කියන ඒක කෙටිකරලා තමයි  (NFC) කියන්නෙ.NFC ඔයාගේ ජංගම දුරකථනය මගින් අපට අවශ්‍ය දේ යම්කිසි ටැග් එකකට programme කිරීමෙන් එය අසලදී  දුරකථනය එයට අනුව ක්‍රියා කිරීමට පටන්ගන්නවා.උදාහරණයක්‌ වෙදිහට, ඔයා හැමදාම නිදන කාමරයට ගියසැනින් දුරකථනය silent කර,පාන්දර 5 ට alarm තබා සිංදුවක් අසමින් නින්දට යාමට පුරුදුවී සිටිනවායි සිතමු.ඉහත කතාන්දරය programme කල ටැග් එකක් ඔයාගේ නිදන කාමරයේ එල්ලා තැබීම දැන් ප්‍රමාණවත්.ඔබ කාමරයට ඇතුළුවූ සැණින් ඔබේ දුරකථනය ඔබේ සිතුවිලි අනුව ක්‍රියා කරාවි.
    ඔබගේ කාර්යාලයට  ඇතුළු වෙන සියලු දනාගේම දුරකථන silent කිරීමට ඔබට දැන් පුළුවන්.

   ඒ වගේම NFC හරහා ඔබගේ File share කිරීමටත් පුළුවන්.
NFC යනු two-way communication එකක්.මෙය ඉතා ප්‍රයෝජනවත් කාර්යන් සදහා යොදාගත හැකියි.දැනට ලංකාවේදී පවා NFC payment කිරීමට බාවිතා කරනව.මේ ගැන වැඩි විස්තර මතනින්.



 





ලංකාවේ NFC බාවිතා කරයි.
                                                                    
NFC TAG එකක්.




දැන් ඔයාගේ ෆෝන් එකේ NFC නැත්තම් මොකද කරන්නේ.ෆෝන් ඒක Android ම් බයවෙන්න එපා.මම ලගදීම කියල දෙන්නම්....LAP එකටත් එක්කම.ජය වේවා.


Wednesday, February 6, 2013

  OLED තාක්ෂණය  

 

LCD,LED LCD අද ඊයේ ආපු දේවල් වගේ හිතුවට ඒවා යල්පැනලා ඉවරයි.අලුත්ම තාක්ෂණය OLED.අපි බලමු මේ OLED කියන්නේ මොකද්ද කියල.

Organic Light Emitting Diode කියන එක තමා ඔය OLED කියන්නේ. මේක පරිගණක, ජංගම දුරකථන, කැමරා, ගීත ධාවක (MP3 Players) ආදී බොහෝ උපකරන වල තිර (Display) සදහා බාවිතා කරන නවතතාක්ෂණයක්. 

මේ සදහා බාවිතා කරන්නේ විදුලි ධාරාවක් ලබාදුන්නම ආලොකය විමෝචනය කිරීමේ හැකියාව තියන Organic නැත්නම් ඓන්ද්‍රීය (කාබන් මූලික) අමුද්‍රව්‍යය උපයෝගී කරගෙන තමයි මේ OLED නිර්මානය කරල තියෙන්නේ. මෙන්න මේ හේතුව නිසා OLED තිරවල LCD තිරවලදි වගේ Back light එකක් බාවිතා වෙන්නේ නෑ. මේනිසා විශාල ලෙස විදුලිය ඉතිරිවෙනව විතරක් නෙවෙයි ඉතාමත්ම තුනී තිර නිශ්පාදනයට ඉඩ ලැබෙනව. 
කොයිතරම් තුනීද කියනවනම් මේ OLED නැනෝමීටර් 100ත් 500ත් අතර ගනකමක් ඇතිව තමා නිශ්පාදනය වෙන්නේ. ඒ කියන්නෙ කෙස් ගසකින් 200කින් පංගුවක් තරම් ගනකමට. හිතාගන්නවත් පුළුවන්ද?.කලින් බාවිතාකල තිර තාක්ෂණයෙදි සම්පූර්න තිරයට තනි Back light එකක් බාවිතා කරනව වෙනුවට මේ OLED තාක්ෂණයේදී තිරයේ එක් එක් පික්සලය සදහා වෙන වෙනම OLED බාවිතා කරනව. 
මේ හේතුව නිසා ඉතා විශාල විභෙදන බලයක් සහිත (High resolution) තිර සහ විශාල පුළුල් තිර නිශ්පාදනයට මග පෑදිලා තියනව. ඒ වගේම තවත් වාසියක් තමයි මේ OLED තිර මගින් ලබාදෙන ඉතාමත් සුපැහැදිලි වර්ණ.

කොහොමද මේ OLED වැඩකරන්නෙ?

මූලිකවම OLED එකක කැතොඩයක් (ඉලෙක්ට්‍රෝන ලබාදීමට), විමෝචක ස්ථරයක් (අනුක කාබනික ස්ථරය) සහ ඇනොඩයක් (ඉලෙක්ට්‍රෝන ලබාගැනීමට) අන්තර්ගත වෙනව. තිරයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සදහා අතැම් තිරවල මීට වඩා වැඩි ස්ථර ගනනක් බාවිතා උනත් මේක තමා OLED තිර වල මූලිකම ව්‍යුහය.


මෙන්න මේ ඇනෝඩය සහ කැතොඩය අතර විභව අන්තරයක් ඇතිකලාම ඒ අතර තැම්පත් කරල තියන කාබනික ස්තරය හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන්කරද්දි තැම්පත් කරල තියන අනුක කාබනික ද්‍රව්‍යයට හා එහි ව්‍යුහයට අදාල වර්ණය විමෝචනය කරනව.

OLED තිර හදන්නෙ කොහොමද?


මේ OLED තිර නිශ්පාදනය පියවර කීපයක් ඔස්සේ සිදුවෙනව. උප ස්ථරය පිරිසිදුකර පරිපථ ස්ථරය සැකසීම, අනුක කාබනික ස්ථරය ඇතිරීම සහ ක්‍රමානුකූලව නියමිත රටාවට එය සැකසීමත් අවසාන වශයෙන් දූවිල්ලෙන්, වාතයෙන් සහ තෙතමනයෙන් ආරක්ෂාකරගැනීමට වායුරෝධක ලෙස ඇසුරුම මුද්‍රාතැබීමත් සිදුවෙනව. මෙහිදී කාබනික ස්ථරය ඇතිරීමට සහ එය නිසිලෙස සැකසීමට විවධ වූ ක්‍රම භාවතා තරනව.





 

Monday, February 4, 2013

  නොමිලේ IDD දුරකතන ඇමතුම්..


ඈත  රටකට වෙලා ඉන්න අයට තමන්ගේ හිතවතෙකුට කතා කරන්න තියනවනම් එතරම් වටින දෙයක් තියනවද?ඒත් ඒ වෙනුවෙන් මොනතරම් මුදලක් වැය වෙනවද?   (අපි දන්නවනේ ...)
ඒකට  විසදුමක් විදිහට skype,nymgo... වගේ විකල්ප සොයාගෙන යන අතරේ ඕනෑම phone OS එකකට ගැළපෙන සොෆ්ට්වෙයා එකක් හම්බඋනා.ඒ තමයි Viber .ජංගම දුරකතනය හරහා වෙනත් ඕනේම රටක ඉන්න කෙනෙක්ට දුරකතන ඇමතුමක් කෙටි පණිවිඩයක් යැවීමට බාවිතා කරන්න පුලුවන් ඉතාමත් වටිනා සේවාවක් තමයි Viber කියන්නේ. මෙහි විශේෂත්වය වන්නේ සියල්ල නොමිලේ ලබා දීමයි. ඒ වගේම පරිගණකයට මේ මෘදුකාංගය ස්තාපිත කරගෙන ඒ හරහා ලෝකයටම ඇමතීමේ හැකියාවත් පවතිනවා. කිසිම මුරපද පරිශීලක නාම ලබාදීමකින් තොරව පරිහරණය කිරීමට හැකි වීමත් මෙහි පවතින ඉතාමත් හොද විශේෂත්වයක්.
ඒ වගේම ඔබේ ජංගම දුරකතන අංකයම බාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඒ කියන්නේ ඔයාලගේම අංකයෙන් ලෝකයටම අමතන්න පුලුවන්. නමුත් ඔයාලාගේ සේවා සපයන ආයතන වලින් අය වීමක් කරන්නේ නෑ. සියල්ල නොමිලේ. 
එසේම Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි වල පවතින සම්බන්දතාත් මේ හරහා ලබා ගන්න පුලුවන්. මේ සේවාව මගින් බාවිත කරන cutting-edge technology නිසා ලෝකායේ කොහෙට කතා කලත් ඉතාමත් පැහැදිලි හඩක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. බොහොමයක් මෙවෙනි සේවාවන් වලින් අතරමගදී ඇඩ්වර්ටීස්මන්ට් ඉදිරිපත් කිරීමක් කලත් මේ සේවාව මගින් එවැනි ඇඩ් ලබාදීමක් කරන්නේ නැති නිසා නිදහසේ ඇමතිම් පහසුමක් ලබාගන්න පුලුවන්.  
ඒ වගේම මෙ මෘදුකාංගය මගින් ඔබේ පරිගණකයට හෝ ජංගම් දුරකතනයේ RAM ඒකට බාධාවක් කරන්නේ නෑ.RAM බාවිතය ඉතාමත් අඩුයි. මේ වෙනකොට පහතින් දක්වලා තියන සියලුම ජංගම දුරකතන මෙහෙයුම් පද්දති වෙනුවෙන් සහය දක්වනවා. 


  • ISO
  • Android
  • Windows Mobile
  • Blackberry
  • Nokia
  • Bada





මේතනින් Viber වෙබ් අඩවියට යන්න පුළුවන්.












Saturday, February 2, 2013

අන්තර්ජාල පසුකම් නැතත් අන්තර්ජාලයේ සැරිසරන්න.



        ගෙදරට අන්තර්ජාල පහසුකම් නැති ලංකාවේ අය කරන්නේ 
Internet Cafe එකකට යන එක.නැත්තං යාළුවෙකුගෙ ගෙදරක යනවා.ඒවගේ තැන්වල පැය ගණන් රස්තියාදු වෙන්න අකමැති කෙනකුට මෙන්න. 
                                            මේ Software එකේ නම තමයි ඕෆ්ලයින් එක්ස්ප්ලෝරර් (Offline Explorer). මේකෙන් ඔයාලට කරන්න පුලුවන් දේ සරලවම කිව්වොත් ඔයාලට මේ මෘදුකාංගය භාවිතා කරලා වෙබ් සයිට් එකක් සම්පූර්ණයෙන්ම තමාගෙ පරිගණකයට බාගන්න හැකියාව තියනවා.Offline Explorer හරහා විශාල වෙබ් අඩවියක් උනත් සියලු Hyperlink එක්කම ඉතා ඉක්මනින් බා ගැනීමේ හැකියාව තියනවා.එසේම එම කටයුත්ත සඳහා පමණක් සීමා වූ මෘදුකාංගයක් ලෙස මෙය හඳුන්වන්න බෑ.Download කරගත් වෙබ් අඩවියක් මෘදුකාංගය තුල තිබෙන බ්‍රවුසර් එක හරහා තමාට රිසි පරිදි එම වෙබ් අඩවිය සංස්කරනය කරගැනීමට අවශ්‍ය පහසුකම් තියනවා.එසේම මෙම මෘදුකාංය හරහා Download කරගන්නා වෙබ අඩවි CD / DVD තැටි වලට ගබඩා කරගැනීම පවා මෙම මෘදුකාංගය හරහා ඔබට සිදු කරගන්න පුලුවන්.                                                                
                        දැන් ඔයාට ඔනෙකරන සියලුම දේවල් පොතක් වගේ අරගෙන ඇවිත් බලාගන්න පුළුවන්.නිදසුන් ලෙස තමාගේ අධ්‍යාපන කටයුතු සඳහා එකම වෙබ් අඩවියකට Interne Cafe එකක් හරහා පිවිසෙන අයෙකුට මෙම මදුකාංගය භාවිතයෙන් එම වෙබ් අඩවිය DVD එකකට ගෙන Internet නැති ගෙදර Computer එකෙන් රිසි පරිදි තමාට අවශ්‍ය කටයුතු සිදු කරගන්න පුලුවන්.ඔන්න එහෙනම් ඕන කට්ටිය Download කරගන්න.ඕන නැති වුනත් අත්හදා බලන්න හරි කැමති අය ඇතිනේ.
             
                                    මෙතනින් ගිහින් ගන්න.

Thursday, January 31, 2013

මීය අල්ලලා ඇතිවෙලා?

                                        mouse කියන්නේ වෙලාවකට කරදරයක් කියල හිතිලා නැද්ද?මටනම් ඒක හරි කරදරයක්.ඒකට විසදුමක් හොයනකොට තමයි මේක හම්බඋනේ.මේක අලුත්ම අත්දැකීමක් වෙයි.ඒ තමයි අපේ mouse එක වෙනුවට නහය,ඇස,කන.... පාවිච්චි කරන එකයි. ඔයාල දැන් බලනවා ඇති මේ මොකක්ද මේ හරුපේ කියල.සුරංගයයට   පිස්සුද කියලත් හිතනවා ඇති. අනේ මන්දා මටත් මේක මුලදී හිතාගන්න බැරි වුණා. එත් ටිකක් හිතන්න තාක්ෂනයේ දියුණුව.

                මුලින්ම මේකට වෙබ් කැම් එකක් ඕන කරන්වා. Laptop එකක් තියෙනවනම් වැඩෙ තවත් ලේසියි. තව මේ සඳහාම software එකක් තියෙනවා. එක free ගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ Software එක මාර්ගයෙන් තමන්ගේ මූණ mouse එක හැටියට භාවිතා කරන්න ඉඩ දීමයි. mouse එක හැටියට මූණ නාභිගත කරන්න තමා වෙබ් කැම් එක ඕනකරන්නේ. මොන වුනත් මේක නම් නියමයි. මං මේක try කරල බැලුවා.එළ වගේ වැඩ.ඒ වගේම මාර ෆන්!!! ඔයාලත් කැමතිනම් try කරලා බලන්න. මං මේ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැවැඩේ අමාරු නැහැ.පහළින් Download කරගන්න.ඊට පස්සේ ඔයා  කැමති අවයවය තෝරාගන්න.
                      මතනින් ගන්න.

Sunday, January 27, 2013

Skype වලින් චිත්‍ර අදිමු.

Skype හරහා අපි ගොඩක් වෙලාවට කරන්නේ call කරන chat කරන එකිනෙ.අපට ඊට වඩා දෙයක් කරන්න ඕනේ උනොත්.අඒ කියන්නේ දෙයක් ඇදල පෙන්නන්න ඕනේ උනොත් මොකද කරන්නේ.කොලේක ඇදල පෙන්නනවද? ඒ ඉස්සර.මෙන්න ඔන්ලයින් සජීවීව පින්තූර අදින්න , ගනන් හදන්න ඇතුළු තව වැඩ ගොඩක් ...

                                                                   
තමන්ගේ   අදහසක්   පින්තුරයකට   නගල  ඒක   අනික  අයටත්  එඩිට්  කිරීමේ  පහසුව   ඇතිව   ඔන්ලයින්   share   කරගන්න ..
හැබැයි  මේක  skype  වලින්  පමණක්ම බැහැ. මේකට අපට IDroo  කියන සොෆ්ට්වෙයාර්  එකක්  අපට   යොදාගන්න වෙනවා..... මේ  IDroo  සොෆ්ට්වෙයාර් එක  (වින්ඩෝස්  7  ,  vista , xp  )  වලදී  පාවිච්චි කල   හැකියි
මේ  සොෆ්ට්වෙයාර් එක   personal  පාවිච්චියට  පමණක්  නොමිලයේ  ලබාදෙන  version  එක  පාවිච්චි   කල  හැකි  වන  අතර commercial , education  අවස්ථාවකට  පාවිච්චි  කරනවා  නම්  එහි   registered  version   එක  පාවිච්චි  කල  යුතුයි ...
දැන් අපි  බලමු කොහොමද  මේකෙන්  skype  හරහා  වැඩකරන්නේ  කියලා..
මුලින්ම  ඩවුන්ලෝඩ් කල IDroo  ඉන්ස්ටෝල්  කරන්න.(මෙතැනින් ලබාගන්න) දැන්  ඔබේ ඩෙස්ක්ටොප්    එකට  එකතු වෙලා  තියෙන  IDroo  ෂෝට් කට්  ඒකමත  ක්ලික්   කරන්න..
එවිට ඔබ  skype   වලට   ලොග්  වෙලා   නැතිනම්   නෙට්   හරහා  skype   වලට   ලොග්    වීමට   අවසර  ඉල්ලනවා   මෙන්න   මේ   වගේ  

ඊට   පසුව   මෙන්න    IDroo සොෆ්ට්වෙයාඑක   skype  හා    සම්බන්ද   වීමට   අවසර  ඉල්ලන්න්වා  මෙන්න   මේ   වගේ....මෙහිදී    පහත   රූපය  පරිදි   Allow  access    දෙන්න ..
දැන්  මෙන්න  මේ   වගේ    රුපයක්     ඔයාලට    පෙනෙනවා    ඇති .....මෙතනින්   තමයි   ඔන්ලයින්   පින්තුර   අදින්න    පටන්    ගන්නේ
මුලින්ම   මෙහි   participants   කොටසේ  ඇති  +   ලකුණ   මත ක්ලික්   කර   ඔයාල  ඇදීමට   බලා පොරොත්තු  වන   පින්තුරය  share   කිරීමට   අවශ්‍ය  ඔබගේ    වල  skype    යාලුවෙක්  ( idroo  සොෆ්ට්වෙයාර්   එක   පරිගනකයේ  ඉන්ස්ටෝල්  කර   ඇති )    තෝරාගන්න..
මෙහිදී  අපට අවශ්‍ය  නම් කිහිප  දෙනෙක්  වුනත්  එකතු   කරන්න  පුළුවන් .... අවශ්‍ය වන්නේ  ඔවුනුත් idroo  සොෆ්ට්වෙයාර්   එක   පරිගනකයේ  ඉන්ස්ටෝල්  කරගෙන තියෙන්න ඕනේ.
රුපයේ  පරිදි මෙහි  වම්  උඩ  කෙලවරේ  ඇති     ටූල් පාවිච්චි  කරලා   අපට   අපගේ   skype   මිතුරන්   එක්ක   ඔන්ලයින්  සජීවීව  රුප   අදින්න , ,, ගණන්  සැදීම  , ෆොටෝ  share    කිරීම   වැනි   දේ   කරගන්න පුළුවනි ,,එහෙනම්   ඔයාල හොයල   දුන්න සොෆ්ට්වෙයාර්  එක  පාවිච්චි  කරලා   බලන්න,, දැන් රට ඉදල එයත් එක්ක අලුත් ගෙදර සැලසුම් කරන්න .එහනම් සුරංග ගියා.....

Saturday, January 26, 2013

ෆෝන්හොරු අල්ලමු.
    පෙරුම් පුරලා ගත්තු ෆෝන් එක නැති උනොත් කොහොමද සනීපෙ.
මේ වගේ වෙලාවට ගොඩක් වටින Software එකක් තමයි  මේක. හදලා තියෙන්නේ Nokia සහ ​F-secure කියන සමාගමි දෙක එකතු වෙලා.

මෙන්න ලබාගන්න පුළුවන් පසුකම්,
 Theft Control 


මේ Option එක Active කරාම ඔයාලගේ Phone එකට වෙන Sim එකක් දැම්මෙිත් ඒ බව ඔයාලා Software එක Install කරද්දි දුන්න Trust Number එකට යවනවා. (phone එකට software එක  Install කරනකොට ඔයාගේ තවත් Number එකක් ඉල්ලනවා) Phone එක ගත්ත හොරා සැරින් සැරේට Number එක මාරැ කරත් ඒ බව ඔයාල​ට දැන ගන්න පුලුවන්? 
#LOCK# - Remote Lock For Your Phone

Phone එක තැති උනාම මුලින්ම ඔයා කරන්න දේ තමයි මේ. විදියට #LOCK# < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න.රහස් අංකය Software එක Install කරනකොටම ඔයාලට හදා ගන්න දෙනවා.Massage එක යවපු ගමන් Phone එක සමිපුරනයෙන්ම Lock වෙනවා.එතනින් එහාට මුකුත් කරනවා බොරු.
#LOCATE# - Locate Your Missing Phone
මේක තමයි හොදම Option එක.මෙන්න මේ විදියට #Locate# <රහස් අංකය> දාලා Massage එකක් ඔයාලගේ Phone එක​ට යැවුවම ආපහු Reply එකක් එනවා Google Maps වලින්.ඒ ලින්ක් එක Click කරාම Google Maps On වෙලා Phone එක තියෙන තැන පෙන්වනවා.
මම නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මේ විදිය​ට Locate කරගන්න කියලා,එහෙම Locate කර කර ගිහින් ගත්ත එකා ලගටම ගිහින්  කනට හගන්න කියලා.

 #WIPE# - Remote Wipe Your Phone
මේ දේවල් සේරම කරලා හරිගියේ නැත්නමි අපේ Personal Details අන් අයගේ අතට යන එක වලක්වන්න අන්නිම දේ විදිය​​​ට අපිට කරන්න නියෙන්නේ Phone එකේ තියෙන සේරම දේවල් මකලා දාන එක.හිතට දුකක් තමයි,ඒත් තමන්ගේ පෙීද්ගලික දේවල් වෙන කෙනෙක්ගේ අතට යනව​ට වඩා හොදයි ඒක.ඒකට කරන්න ඕනේ  #WIPE# <රහස් අංකය> ඈතුලු කරලා Massage එකක් යවන එක.

හැබැයි මේක  වැඩ කරන්නේ මෙන්න මේ Os සදහා විනරයි.
  • Android 1.6, 2.x
  • Symbian S60 3rd and 5th Edition
  • Windows Mobile 6 Professional
  • Windows Mobile 6 Standard
  • Windows Mobile 5.0 for Pocket PC
  • Windows Mobile 5.0 for Smartphone 
 ඇතටම මේක වඩාත් ගැලපෙන්නේ ෆෝන් එක නැතිඋනොත් තමයි.හොරකම් කළොත් ටක්ගාල sim එක ගලවනවනේ.ඊට පස්සේ මේකේන් වැඩක් වෙන්නේ නෑ,

බාගෙන ඉවර වෙලා බලලා අනිවාරන්ම Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.
Mobile එක​ට Download කරගන්න මෙතැන ඔබන්න 
              PC එකට Download කරගන්න  මෙතැන ඔබන්න


 ලංකාවේ Samsung ෆෝන් මිල ගණන්.

                ලංකාවේදී ජංගම දුරකථනයක් එකක් මිලදී ගැනීමේදී විවිධ මිල ගණන් දැකගතහැකිය.ඒ අතරින් වර්ථමානයේ වඩාත්ම ජනප්‍රියම දුරකථන මාදිලියක් වන Samsung ලංකාවේ පහත සදහන් මිලගන් වලට ලබාගත හැකියි.මෙම වෙළදසැල් තුනෙන්ම වගකීමේ සහතිකයක් යටතේ දුරකථන මිලදීගත හැකි අතර ,
(රු.25.000 ලෙස සටහන්ව ඇති දුරකථනයක්.)සමහර අවස්ථාවලදී වගකීමක් රහිතව ඊට  වඩා රු.2000-3000 ක් පමණ  අඩුවට ලබාගත හැකි අවස්ථා දැකිය හැක. (Eg.කොටුවේ )

දුරකථන වර්ගය Telescience
Celltronics  Mitsu Mobile

Samsung Guru 1205

3,550 - 3,550

Samsung E2232 Duos

6,750 - 6,500

Samsung E2252

8,200 - 8,250

Samsung Champ Neo Duos

9,700 9,900 9,900

Samsung Champ

11,900 - 10,900

Samsung Galaxy Pocket

14,500 14,900 14,900

Samsung PRIMO

- - 15,250
 

Samsung Star 3 Duos

 

14,250 15,900 -

Samsung Galaxy Y

15,750 17,900 -

Samsung Galaxy Y Duos

20,500 22,900 20,900

Samsung Galaxy Y Pro

- 23,900 24,900

Samsung Galaxy Ace

27,900 28,900 28,900

Samsung Galaxy Ace Duos

27,900 - 30,900

Samsung Galaxy Ace 2

37,000 - 35,900

Samsung Galaxy Ace Plus

- 30,900 33,900

Samsung Galaxy S Duos

37,500 39,900 39,900

Samsung Galaxy S Plus

43,900 - -

Samsung Galaxy S Advance

42,000 - 44,900
 

Samsung Galaxy S III Mini

46,500 - 53,900

Samsung Galaxy S II

55,000 - 57,900

Samsung Galaxy Note

78,000 68,900 65,900

Samsung Galaxy S III

74,900 75,900 75,900

Samsung Galaxy Note II

89,500 87,900 84,900
Samsung Tablets

Samsung Galaxy Tab-2 7

- 54,900 49,900

Samsung Galaxy Tab 7+

- 59,900 -

Samsung Galaxy Tab-2 10.1

67,500 - 66,900

Samsung Galaxy Note 10.1

- - 85,900