Tuesday, June 14, 2016

Delete FB Account

සදහටම FB Account එක වහල දාමු..


ඔන්න ඉතින් , මටත් හිතුන මේ බැදීම් වලින් නිදහස් වෙලා ... වනගත වෙලා ඉන්න.... 
        කාට හරි  එහෙම හිතුනොත් මම කියන්නේ  3G - 4G නැති.. ස්මාර්ට් ෆෝන් එක නැති තැනක ගිහින්  නතර වෙලා බලන්න කියල. 

          සමහර බැදීම් වලින් අපිව ඇතට කරන්න මේ දේවලට පුළුවන්...

අපි රැකගත යුතු බැදීම් වලින් අපිව ඇත්කරන්නටත් මේවා හේතු වෙනවා...

         අපේ වටිනා කාලය කාල දාන්නට හේතු වෙන දේවලින් 1ක් තමයි FB.. දවසක ඔයාට හිතුනොත් ඔයාගේ  FB ගිණුම සදහටම මකල දාන්න...
මෙන්න විදිහ ......
 
මුලින් මේ  Link එකන්  Facebook Delete Site   එකට යන්න.

Site එකට ගිහාම පෙන්නේ මෙන්න මෙහමයි.

                          රූපයේ පෙනෙන ආකාරයටම Delete My Account ලබා දෙන්න.

 

ඉන් පසු ඉහත රූපයේ ආකාරයට 

   1 ස්ථානයට ඔයාගේ  facebook Account එකට යොදල  තිබුණු
      Password එක දෙන්න 


   2 ඉහත ආකාරයට ලැබෙන අකුරු මෙම ස්ථානයට නිවරදිව ලබා දී Okey දෙන්න.


 

   ඉන්පසු ලැබෙන මෙම  මැසේජ් එකද Okay ලබා දෙන්න.

 

මේ massage එකෙන්  කියන්නේ - දවස් 14 කට පසු Facebook    

Account එක Delete වෙන බවත්, එම කාලය අතුලත ඔබ විසින්

නැවත ලොග් වීමෙන් Delete වීම නැවැත් විය හැකි බවය.  
  

මිනිස් හිත් වෙනස් වෙන්න යන්නේ පොඩි කාලයයි. ඔයාටත් එහම වෙන්න බැරි නෑනේ...


දවස් 14 ක් ඇතුලත ලොග් වී Delete වීම වලක් වන ආකාරය.

 


ඔයාගේ  facebook Account එකට දාල තිබුන  Email සහ Password ලබා දී වෙනදා වගේ ලොග් වෙන්න.

                   එවිට ඉහත රුපයේ අකරයට පෙනේවී එය සඳහා Cancel Deletion ලබා දෙන්න.
 

                                                Reactivate Account ලබා දෙන්න.

දැන් ඔන්න  Facebook Account එක වෙනදා වගේම බාවිතා කරන්න පුලුවන්.

Thursday, May 19, 2016

FB Account එක බැකප් කරමු


       ඔයාට කවදාහරි  ඕනේ වුනාද ඔයාගේ fb account එකේ තියන  Messages, Photos, Wall Post, Photo Albums, Profile Info වගේ හැම එකක්ම බැකප් එකක් ගන්න.

   ඔයාගේ සමහර  වටිනා photos ගොඩක  එකතුවක්  ඔයාගේ  fb ගිණුමේ  තියෙන්න පුළුවන්....

මේ දේවල් තවත්  තැනක බැකප්  කරලා තියන එක හොදි නේද?

මේකට  fb එකේ පහසුකම් දීල තියනවා ඔයාට.
මෙහෙමයි වැඩේ  කෙරෙන්නෙ .

>මුලින්ම ඔයාගේ ෆේස්බුක් ගිණුමට ලොග් වෙන්න    
 

>දැන් ඔයාගේ Account setting වලට යන්න. 
 
 
>ඔය යටින්ම පොඩියට තියෙන්නේ download copy කියන එක click  කරන්න.
 
 
>ඔන්න ඊට පස්සේ එනවා Download Your Information පේජ් එක
 
 
>එතන තියන  Download archive කියන එක ඔබන්න.එකේ තියන්නේ 350MB  වගේ වෙන ඩවුන්ලෝඩ් ලින්ක් එක. 
 
      දැන් වැඩේ  ගොඩ කියල හිතුවට එහෙම  නෑ ..
 
එයාල ආරක්ෂක උපක්‍රමයක් විදිහට ඔයාගේ mail එකට
ෆයිල්ස් ටික අඩංගු , ඩවුන්ලෝඩ් ලින්ක් එකක් එවන්නම් කියනවා.
 
                    එතනින් බාගන්න තමයි තියෙන්නෙ ..