Friday, October 9, 2015

miss call number හොයමු. truecaller

miss call හැංගිමුත්තම් නවත්වමු..




       ඔන්න  මේ පොස්ට්  ඒක  ගෑණු පිරිමි , බාල මහලූ හැමදෙනාට ප්‍රයෝජනවත්  එකක්..

     මිස්  කෝල් (miss call) කරදරේ  අපි හැමෝටම තියනවනේ. ඔය  ගෑණු  ළමයින්ට ඔය  කරදරේ  බොහොම  ජයට  තියනවා  කියනවනේ...
                                
මෙන්න  එකට  විසදුමක්. www.truecaller.com ඔයාලට  මේ සදහා  පහසුකම් සපයනවා.එයාල  ලග  තියනවා  අපි  හැමෝගෙම  phone book වල එකතුවක්,ඒ අතර  අපි  සොයන  අංකය  තියනවනම්  අපිට විස්තර  ලබාදෙනවා. ඔයාල  යන්න  මෙන්න  මෙතනින්.


                          
            ඔයාලට ගැටළුවක්  උනු නොම්බරේ  ගහල  search කරන්න..
යාලුවනේ  ඔයාලට  මේක  aps එකක්  විදිහට ලබාගන්නත්  පුළුවන්. එතැනදී  වඩාත්  වැඩි  පහසුකම්  රැසක්  ලබාදෙනවා. 



       මම  පරික්ෂා  කළ  නොම්බර  වලින්  90% කම වැඩකලා.

ඔයාල  දැනගන්න  ඕනේ  මෙයාල  අපිට  විස්තර  හොයල  දෙන්නේ  තවත්  කෙනෙක්ගේ  phone  book  එකක  තියන විස්තරයක් .
     ඔයාලට  පොඩි  අනාරක්ෂිත  බවක්  දැනෙන්න  පුළුවන්. google play app එකක්  ගන්න බොහෝ  වෙලාවට අපි  අපේ phone  book එකේ  විස්තර  ලබාගන්න  එයාලට  අවසර  දෙනවනේ.....
               සැබවින්ම  මේක  එකතරා පහසුකමක්...   ඔබටත් වැදගත්  උනානම්  තව  කෙනෙකුට  දැනගන්න බෙදා  ගන්න.           

               

Wednesday, October 7, 2015

hologram projector එකක් හදමු.

Hologram Projector එකක් ඔබේ ස්මාර්ට්  ෆෝන්  එකටත් 










  
             මේ පිංතුරය දකින  ඔයාලට  පුංචි  අදහසක්  එන්න  ඇති මම කියන්න  යන්නේ  මොනවගේ  දෙයක්  ගැනද  කියල.ඔයාලත්  කැමති  ඇති  කිසිම  වියදමක්  නැතුව  අපි  හැමෝම  ලග  තියන  ස්මාර්ට්  ෆෝන්  එක  පාවිච්චි  කරලා  මේ  වගේ  අත්දැකීමක්  ලබා  ගන්න..

                   මේක  කරන්නේ  මෙහමයි..අපිට  ඕනේ  කරනවා  විනිවිද  පෙනෙන  පිරමිඩයක්  හදාගන්න.මේ  පිරමිඩය  පහත  රුපයේ  වගේ  වෙන්න  ඕනේ.





මේක  හදන්න  මම  පාවිච්චි කාලේ  CD cases එකක  පියනක්, paper cutter knife එකක් , super glue එකක් 


       

                දැන් මේ විනිවිද  පෙනෙන  පියනේ  පහත  තියන්  මිනුම්  අනුව කොටස්  4ක්  කපා ගෙන  පිරමිඩයක්  හැදෙන  විදිහට  අලවගන්න. පින්තුර  කීපය  දකිනකොට  අදහසක්  ඒවි කොහොමද  කරන්නේ  කියල.
















































 











 දැන්  මේ  පිරමිඩය භාවිතා  කරලා  අපේ  ෆෝන්  එකේ  තිරය  මත  ත්‍රිමාණ  රූපයක් මවන්නේ  කොහොමද  බලමු..
       අපිට  youtube එකෙන්  hologram video එකක්  බාගන්න  ඕනේ. මෙතනින්  ගන්න  පුළුවන්.

දැන් ඔයා බාගත්  video ඒක  play කරලා බලන්න. එකේ  දිශා හතරක  රූපරාමු 4ක් දකින්න  පුළුවන්.එකේ හරි  මැද්දෙන්  පිරමිඩය  තියල ෆෝන්  ඒක  ඇස මට්ටමට අරගෙන  බලන්න. පිරමිඩය මැද  තිමාණ රුපයක්  මැවේවි. අදුරු පරිසරයක  වඩාත්  හොද  පැහදිලි  රුපයක් බලාගන්න  පුළුවන්.  (මතක  තියාගන්න -පිරමිඩය  ෆෝන් ඒක  උඩින්  තියන්න  කලින්  ගම්  වේලිලදකියල  බලන්න.. නැත්තම්  වෙනදේ  දන්නවනේ.)

   ඉතින්  යාලුවනේ  මේ  පිරමිඩය  පරිමාණයට  විශාලව  හදාගෙන LED TV එකක්  උඩ තියල ඔයාලට  පුළුවන්  වටේට  ඉදන්  video ඒක  බලන්න. 
මේ  පිරමිඩය  පාවිච්චි  කරලා  නිර්මාණාත්මක  යමක්  කරන්න  උත්සහ  කරන්න. 

මේ  තියෙන්නේ මගේ අටුම.










Wednesday, March 11, 2015

Speak it - Google Chrome Extension




මෙය ගූගල් ක්‍රෝම් (Google Crome) මත ක්‍රියාත්මක වන දිගුවක්   (Extension එකක්) 

මෙය ඔබට එදිනෙදා ජීවිතයේ දී ප්‍රයෝගනවත් විය හැකි අවස්ථා බොහෝමයි.
   හිතන්න , යම වෙබ් අඩවියක හමුවන දීර්ග ලිපියක් මොනිටරය දිහාම බලාගෙන කියවන විට ඇසට ඇතිවන වෙහෙස.
  අපිට ඇහෙන්න මෙය කියවීමට කෙනෙක් ඉන්නවනම්.......
ඒ කාර්ය කරදෙන Extension එකක් තමයි මේ.











ඉහත රූපයේ ආකාරයට Select කරගන්න .
ඒ උඩ මවුස් (Mouse) Right  ක්ලික් කරලා SpeakIt කියන එක දෙන්න.
එය ඔබට ඔබ තේරූ ජේද කොටස කියවාවි.

















ලබාගන්න මෙතනින්