Sunday, November 9, 2014

වැට පනින්න ලේසි ක්‍රමේ Google Translate

බ්ලොක් කල web අඩවි වලට - GoogleTranslate



          යාලුවනේ..අපි නිවාඩු පාඩුවේ Googale එකේ searchඑකක් දාගෙන යනකොට (ඔය පේන්න තියනවා වගේ.) සමහර web අඩවි වලට ඇතුල්වීමට දෙන්නේ නැහැ.(ඒ ගැන වැඩි විස්තර මෙතනින් http://siyalla-soya.blogspot.com/2013/04/site-blog.html  ) 
මෙන්න මේ වගේ වලක්වනවා. ඒ කියන්නේ අපේ ගමන යන්න දේන්නේ නැතුව අපිට වල කපනවා. 


ඒත් අපේ ගමන අපි යන්නම ඕනේ.youtube විතරක් නෙවෙයි , ඕනෙම වෙබ් අඩවියකට රිංගන්න පුළුවන් ලේසිම විදිහක් මේ.මෙන්න මෙහම Google Translate වලට යන්න.


එකේ ඔයාලට යන්න ඕනේ වෙබ් අඩවිය ගහල ලස්සනට Translate කියල දෙන්න.මෙන්න මේ වගේ.


හරි, මුලින් ගණන් ඉස්සුවට මේ තියෙන්නේ දැන් ලස්සනට.



Google Translate වලින් කරන්න පුළුවන් දේට අමතරව , කරන්නන පුළුවන් තවත් දෙයක් තමයි මේ. ඒ කියන්නේ අපි යෝගට් කනකොට - කෙල්ලෝ මුණේ ගන්නේ. ඒ වගේ.  ප්‍රයෝජනයක් වෙයි කියල හිතනවා. 
සුබ දවසක්.



Tuesday, October 28, 2014

TSU සල්ලි දෙන දෙන්නේ මෙහෙමයි

TSU සමග එකතු වෙන්නේ මෙහෙමයි.


TSU කියන්නේ - Facebook සහ Twitter වගේම සමාජ ජාල වෙබ් අඩවියක්.

TSU වල වෙනස - එයාල උපයන මුදලින් 90% එහි සාමාජිකයින් අතරේ බෙදනවා

ඒ මෙහෙමයි - 1.අපි share කරන photos, statuses, links, articles, videos වලට එන views මගින් අපිට යම් මුදලක් ලැබෙනවා.ආරංච්ය හැටියටනම් views 1500 ට $1 වගේ ලැබෙනවා.තව කතාවක් තියනවා Interactions මගින් සල්ලි එනවා කියලා. ඒ කියන්නේ අපි අනික් tsu සාමාජිකයින් එක්ක හැසිරෙන විදිහ.. Like කරන ප්‍රමාණය, comments කරන ප්‍රමාණය වගේ දේවල්.

             2.මේක තමා වැදගත්ම දේ. අපි අපේ invitation link එක හරහා  http://www.tsu.co/RWMRathnayaka  TSU වලට එකතු කරගන්න කට්ටියගෙ ආදායමින් 1/3 ක් අපිට ලැබෙනවා.

මුදල් ලැබෙන්නේ මේ විදිහටයි - ඔය A කියල හිතමු.

ඔයාගේ LINK එකන් Bත් ,B ගේ LINK එකන් Cත් ,D ....විදිහට යාළුවෝ TSU එකට එකතු වෙනවනේ.

ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි... 

> ඒ $100 න් 90% ක් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්. (Platform maintenance fee එකක් විදිහට $10ක් (10% of $100) tsu ගන්නවා) 

> මේ $90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්.

> D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්. 

> C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්. 

>B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්.

මේ විදිහට මේක ඉවරයක් නැතුව පහලට පහලට යනවා. පහල ඉන්න හැම level එකකින්ම උඩ ඉන්න අයට කීයක් හරි එනවා.. මේකට කියන්නේ "the rule of infinite thirds" කියලා. 

මේක පිරමීඩ business model තමයි. ඒත් එකම වෙනස,අපිට මේකට එකතු වෙන්න සතයක්වත් ඕනේ කරන්නේ නැති එක.   සාමායිකයන් අතරේ බෙදෙන්නේ දැන්වීම් වලින් ලැබෙන මුදල්.(දැනට ඩොලර් මිලියන 7ක් තියනවලු) 

TSU සමග ඔබත් එකතු වන්න මෙන්න Link එක 














Monday, October 13, 2014

ඇපල් අයිෆෝන් 6  - iphone 6

ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus



පසුගිය වර්ෂයේ මෙන් ම මෙවර ද ඇපල් සමාගම අයිෆෝන් අනුවාද දෙකක් නිවේදනය කළා.ඒ අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 ප්ලස්(Plus) ය.මෙම අයිෆෝන් පසුගිය දිනවල අන්තර්ජාලයට නිකුත් වූ  නිළ නොලත් ඡායාරෑප සහ තොරතුරුවලට බොහොසෙයින් සමාන වීම ද විශේෂත්වයකි.මේ ඒ පිළිබඳව කෙරෙන සංශිප්ත සටහනකි.

හැඩය සහ නිමාව  
අප බලාපොරොත්තු වූ පරිදි ම ඇපල් සමාගම අයිෆෝන් 6 සහ 6 Plus නැවුම් හැඩයක් ගෙන තිබෙනවා.පසුගිය දිනවල අන්තර්ජාලයට නිකුත් වුණු හැඩයට සමාන හැඩයක් මෙය ගෙන තිබෙනවා.මෙම අයිෆෝන්වල බඳ වැඩි වශයෙන් වානේ යොදාගෙන නිර්මාණය වී ඇති අතර මෙය පස්වන පරම්පරාවේ අයිපොඩ් ටච් හි හැඩයට සමාන පෙනුමක් ගන්නා අතර මෙම අයිෆෝනයන් මෙතෙක් ඇපල් සමාගම නිර්මාණය කරන ලද සිහින් ම අයිෆෝනයන් ද වනවා.අයිෆෝන් 6  මිලිමීටර් 6.9ක ඝණකමකිනුත් 6 Plus මිලිමීටර් 7.1ක ඝණකමකිනුත් යුක්ත වනවා.තවද භාවිතයේ පහසුව තකා අයිෆෝනයේ Power බටනයෙහි පිහිටීම වෙනස් කොට තිබෙනවා.










තිරය
නව Retina HD තිරයකින් සමන්විත මෙය ඇපල් සමාගම ප්‍රකාශ කරන්නේ එය මේ වන විට වෙළඳපොලේ ඇති හොඳම ස්මාර්ට් ෆෝන් තිරය බව යි. අයිෆෝන් 6 හි තිරය අඟල් 4.7 කින් එනම් 1334*750 ක Resolution එකකින් ද(අඟලකට පික්සෙල් 326ක්) 6 Plus හි තිරය අඟල් 5.5 කින් එනම් 1920*1080 ක Resolution එකකින් ද (අඟලකට පික්සෙල් 401ක්)  සමන්විත වනවා.මෙම නිසා අයිෆෝන් 6  හි තිරයේ පික්සෙල් මිලියනයකට වැඩි සහ 6 Plus තිරයේ මිලියන දෙකකට වැඩි පික්සෙල් ප්‍රමාණයක් ගැබ්ව පවතිනවා.මෙයින් ජනනය කෙරෙන වර්ණ පූර්ණ වශයෙන් sRGB Color ප්‍රමිතියට අනුව නිපදවා ඇති අතර මෙම තිරයෙන් දීප්තිමත් ගුණාත්මක බවින් ඉහළ පිංතූර ලබා දේ.තද හිරු එළියේදී,අව්කණ්නාඩි පැළඳ සිටියදී පවා දීප්තිමත් පිංතූර ජනනය කිරීමේ හැකියාව  මෙම Retina HD තිරයේ අඩංගු කර ඇති වැඩිදියුණු කරන ලද Polarizer එකෙන් ලබා දේ.




A8 ප්‍රොසෙසරය

අයිෆෝන් 6 සහ 6 Plus සමඟ පැමිණෙන ප්‍රොසෙසරය හඳුන්වන්නේ A8 කියාය.එය අයිෆෝන් 5S හි දක්නට ලැබුනු A7 ප්‍රොසෙසරයට වඩා 13% ක් කුඩාවන අතර දෙවන පරම්පරාවේ 64 bit ආකෘතියකින් යුක්ත වේ.ට්‍රාන්සිස්ටර් මිලියන දෙකකට වඩා ඇති ඇපල් A8 ප්‍රොසෙසරය A7 ට වඩා 25% ගුණයක් වේගවත් වන අතර ප්‍රථම අයිෆොනයට වඩා 84% ක ඉහළ graphic කාර්යක්ෂමතාවයකින් සමන්විත වනවා.අයිෆෝන් 6 සහ 6 Plus හි තවත් විශේෂත්වයක් වන්නේ පසුගිය අයිෆොන්වල මෙන් නොව මෙහි අඩංගු sustained performance විශේෂාංගය නිසා එකදිගට විවිධ වැඩ ප්‍රමාණයක් අයිෆෝනය භාවිත කරමින් කළද එය රත්වන්නේ නැත.මෙය අයිෆෝන්වලින් ගේම් ගහන අයටනම් හොඳ ආරංචියක්.




ඇපල් A8 ප්‍රොසෙසරය ප්‍රථම අයිෆෝනයට වඩා 50% ගුණයක් වේගවත් වේ.

බැටරියෙහි ආයු කාලය
අයිෆෝන් 5S සමඟ සැසදීමේදී අයිෆෝන් 6 හි බැටරියේ ආයුකාලයෙහි සැලකිව යුතු වැඩි වීමක් දක්නට ලැබෙනවා.එම නිසා අයිෆොන් 6 හි බැටරියේ කාර්යක්ෂමතාවය පිළබඳව සතුටු විය හැකි ය.පහත රෑප සටහනින් ඒ බව ඔබට පැහැදිලි වනු ඇත.



M8 Coprocessor චීපය

පසුගිය වර්ෂයේ අයිෆොන් 5S සමඟ හඳුන්වාදුන් M7 Coprocessor ය මෙවර තරමක් වැඩිදියුණු කර තිබෙනවා.අයිෆෝනයේ පවතින සංවේදක වන accelerometer, compass, gyroscope වලින් ගැනෙන තොරතුරු ගබඩා කරගනු ලබන්නේ මෙහි ය.මීට අමතරව මෙම නව M8 Coprocessorයට barometer නැමැති සංවේදකය තුළින් ඔබ ගමන් කරන දුර සහ ප්‍රථමවරට ඔබ පඩිපෙළක් නඟින එක පවා මෙමඟින් විශ්ලේශනය කළ හැකි ය.මේ සියලු තොරතුරු ඇපල් iOS 8 සමඟ පැමිණෙන Health ඇප් එකෙන් බලා ගන්නට පුළුවන.මේ වනවිටත් Nike සමාගම තම Fualband ඇප් එක සඳහා මෙම පහසුකම යොදාගනු ලබනවා. 


වැඩිදියුණු කරන ලද සබඳතාවයන්
150mbps වේගයක් සහිත වැඩිදියුණු කරන ලද LTE පහසුකම වෙනත් ස්මාර්ට් ෆෝන්වල මෙන් නොව Band 20 ක් දක්වා සහය දක්වන අතර ලොව පුරා LTE සේවාව සඳහා සහය දක්වන දුරකතන සේවා සැපයුම් සමාගම් 200ක් සඳහා සහය දක්වනවා.තවද අයිෆෝන් 6 සමඟ හඳුන්වාදෙනු ලබන VoLTE (Voice over LTE) මඟින් LTE ඩේටාවලට අමතරව Voice ඩේටා ද හුවමාරු කර ගත හැකිය.මෙමඟින් වඩාත් පැහැදිලි ඇමතුම් අපට ලබා ගත හැකි අතර Voice සමඟ Data ද ලබා ගත හැකි ය.තවද අයිෆෝන් 6 සහ 6 Plus තුළ අන්තර්ගත කර ඇති 802.11ac මඟින් පෙරට වඩා තුන්ගුණයක් වේගවත් Wifi සබඳතාවයක් ලබාගතහැකි ය.මීට අමතරව වර්තමානයේ වැඩි වශයෙන් භාවිත වන NFC(Near Field Communication) තාක්ෂණයද මෙම අයිෆෝනයට එකතු කර ඇති අතර ඇපල් සමාගම විසින් හඳුන්වාදුන් Apple Pay(NFC සහ Touch ID යොදාගෙන ගෙවීම් කරන ක්‍රමයකි) සඳහා මෙම පහසුකම ප්‍රධන වශයෙන් භාවිත වේ.


WiFi-Calling පහසුකම
අයිෆෝන් 6 සහ 6 Plus සමඟ හඳුන්වා දෙන WiFi-Calling පහසුකම මඟින් අපට අපගේ අයිෆෝනයේ Network සිග්නල් අඩු ස්ථානයක හෝ සිග්නල් නැති ස්ථානයක සිටියත් අපට හොඳ Wifi සබඳතාවයක් ඇත්නම් Wifi හරහා පැහැදිලි ඇමතුම් ලබා ගැනීමට හැකියාව ඇති අතර අප Network සිග්නල් ඇති ස්ථානයකට පැමිණි විට දුරකතන ඇමතුම විසංධි නොවී Wifi Network එකෙන් Cellular Network එකට ගැටලුවකින් තොරව මාරැ වේ.

කැමරාව
ඇපල් අයිෆෝන් 4S සිට ඇපල් සමාගම අයිෆෝන් සඳහා භාවිත කරන්නේ මෙගා පික්සෙල් 8 ක කැමරාවකි.එතැන් සිට විවිධාකාරයෙන් අයිෆෝනයේ කැමරාවෙහි විශේෂාංග සහ එය යොදාගන්නා තාක්ෂණය වෙනස් වූවද අයිෆෝන් කැමරාවෙහි මෙගා පික්සෙල් ගණන වෙනස් වූයේ නැත.මන්ද කැමරාවක මෙගා පික්සෙල් ගණන වැඩි කිරීමට වඩා එහි ගුණාංග ඉහළ දැමීම තුළින් එමඟින් ලබා ගන්නා ඡායාරෑපවල ගුණාත්මක බව වැඩිවන බවයි ඇපල් සමාගමට පැවසන්නේ.මේ බව පසක් කරමින් ඇපල් සමාගම මෙම නව අයිෆෝනයේ කැමරාව සඳහා නව තාක්ෂණයන් කිහිපයක් භාවිත කර තිබෙනවා.

මෙම නව අයිෆෝනයේ අඩංගුවන iSight කැමරාවෙහි ඇතුළත් විශේෂාංගයක් වන්නේ Focus Pixel තාක්ෂණය යි.මෙම තාක්ෂණය ඉහළ මට්ටමේ DSLR කැමරාවල ද යොදා ගැනෙන අතර මෙමඟින් පෙරට වඩා ඉක්මණින් සහ හොඳින් ඔබ ලබාගන්නා ඡායාරෑපය Focus කර ගනී.තවද මෙමඟින් ලබා ගන්නා ඡායාරෑපයේ අපැහැදිලිබව අවම කරයි(Noise reduction).තවද වැඩිදියුණු කරන ලද Face Detection තාක්ෂණය මඟින් ඔබට ඡායාරෑප කිහිපයක් ගෙන හොඳම ඡායාරෑපය ඔබට ගෙන දෙන අතර මේ සඳහා ඇපල් A8 ප්‍රොසෙසරයේ ඇති Image Signal Processor යොදා ගනී.

මෙහි තවත් වැදගත් විශේෂාංගයක් වන්නේ Optical Image Stabilization තාක්ෂණය යි.Image Stabilization කියන්නේ අප ඡායාරෑපයක් ලබා ගන්නා අවස්ථාවේ අපේ කැමරාව සෙලවෙනවා නම්(Unstable) අප ලබා ගන්නා ඡායාරූපය පැහැදිලි එකක් වන්නේ නැත.මෙම තත්වය මඟහරවා ගැනීමට Image Stabilization තාක්ෂණය යොදා ගනී.අයිෆෝන් 6 හි ඩිජිටල් ක්‍රමයට ඡායාරෑපය Stabalize කර ගත්ත ද අයිෆෝන් 6 Plus හි භාවිත වන Optical Image Stabilization තාක්ෂණය මඟින් කැමරා Lens එක ඉදිරියට සහ පිටුපසට ත් වම්පසට සහ දකුණුපසට ත් ඉහළට සහ පහළට ත් චලනය වෙමින් සහ අයිෆෝනයේ පවතින නව gyroscope එක භාවිත කරමින් ඡායාරෑය Stabalize කරගනී.


                        අයිෆෝන් 6 මඟින් ලබා ගත් ඡායාරෑපයක්

මීට අමතරව අයිෆෝන් 6 කැමරාවෙන් Video පටිගත කිරීමේ දී නව තාක්ෂණයන් යොදා ගැනේ.1080p වීඩියෝ පටිගත කිරීමේදී මෙහි තප්පරයකට රෑප රාමු 60ක්(60fps) යොදා ගැනෙන අතර 720p Slow Motion වීඩියෝ පටිගත කිරීමේදී 240fps භාවිත කරයි.තවද මෙහි භාවිත වන Continuous Autofocus මඟින් අප වීඩියෝ පටිගත කිරීමේදී ප්‍රධාන Object(වස්තුව) එක දිගට,මාරැවෙන් මාරුවට Focus වේ.මේ සඳහා ද යොදා ගැනෙන්නේ Focus Pixel තාක්ෂණය යි.මෙසේ වීඩියෝ පටිගත කිරීමේදී  Cinematic Video Stabilization තාක්ෂණය යොදා ගැනෙන නිසා පටිගත කිරීමේදී අප/අප සිටිනා ස්ථානය කෙතරම් Unstable වුවද එයින් වීඩියෝවට බලපෑමක් ඇති වන්නේ නැහැ.


අයිෆෝන් 6 හි වැඩිදියුණු කරන ලද Facetime කැමරාව මඟින් තප්පරයකට ඡායාරෑප 10 ක් ලබා ගත හැකි අතර එසේ ලබා ගන්නා ඡායාරෑප විශ්ලේෂණය කොට ඇස් පියවී නැති ගුණාත්මක මට්ටමෙන් ඉහළ ඡායාරෑපය අපේ තිරයට ලබා දේ.තවද වැඩිදියුණු කරන ලද HDR තාක්ෂණය Facetime කැමරාවට යොදා ගැනෙන නිසා ගුණාත්මක මට්ටමෙන් ඉහළ ඡායාරෑප සහ වීඩියෝ අපට ලබා ගත හැකිය.විශේෂයෙන් ම ගුණාත්මක මට්ටමෙන් ඉහළ Selfies අපට ලබා ගත හැකි ය.

ප්‍රධාන වශයෙන් මෙම විශේෂාංගවලට අමතරව ඇපල් සමාගම අයිෆෝන් 6 Plus සඳහා අයිපෑඩයේ මෙන් Landscape Mode එකක් හඳුන්වා දී තිබෙනවා.මෙමඟින් තවත් විශේෂාංග රැසක් අයිෆෝනයට එක් වේ.පසුගිය වසරේ හඳුන්වා දුන් Touch ID පහසුකම මෙම අයිෆෝනයේත් දක්නට ලැබුණු අතර iOS 8 සමඟ මෙම Touch ID පහසුකම තෙවන පාර්ෂවයේ ඇප් සඳහාද යොදාගත හැකි ය.අයිෆෝන් 6 සහ 6 Plus පෙර අයිෆෝන් වලට වඩා තිරය ප්‍රමාණයෙන් වැඩි බැවින් අපහසුතාවයකින් තොරව එක් අතකින් භාවිත කිරීම සඳහා Reachability නැමැති විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.මෙමඟින් ඔබට තිරයේ ඉහළට වන්න ඇති දෙයක් ටච් කිරීමට අවැසි විටෙක අයිෆෝනයේ Home බටනය දෙවරක් ටච් කළ විට අයිෆෝනයේ තිරය පහළට තල්ලු වේ.තවද අයිෆෝන් 6 සහ 6 Plus හි තාක්ෂණික තොරතුරු තවදුරටත් ලබා ගැනීම සඳහා ඇපල් නිළ වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙවර අයිෆෝන් පෙළේ ගිගාබයිට් 32 ක ධාරිතාවයකින් යුතු අයිෆෝනයක් දක්නට නොලැබෙන අතර එය 16GB,64GB සහ හඳුන්වාදෙන 128GB ධාරිතාවයන්ගෙන් සමන්විත වේ.Silver,Gold සහ Space Gray යන වර්ණයන්ගෙන්  අයිෆෝන් 6 සහ 6 Plus නිකුත් කර ඇති අතර අයිෆෝන් 6 16GB,64GB,128GB ධාරිතාවයන්ගෙන් යුතු සංස්කරණයන් පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් 649,749,849 ක් ද අයිෆෝන් 6 Plus අයිෆෝන් 6 වලට වඩා ඇමෙරිකානු ඩොලර් 100කින් වැඩි වේ.

ඇපල් අයිෆෝන් 6 සහ 6 Plus තවම ශ්‍රී ලංකාවට නිළ වශයෙන් හඳුන්වාදී නැති අතර පසුගිය 12 වැනිදා සිට ඇපල් සමාගමේ මාර්ගගත ගබඩාවේන්(Online Store) Pre Order කළ හැකි අතර සැප්තැම්බර් 19 වන දින සිට අයිෆොන් 6 වෙළඳපොළට නිකුත්වනු ඇත.තවද ඇපල් iOS 8  සැප්තැම්බර් 17 වන දින සහය දක්වන ඇපල් උපාංග සඳහා නිකුත් කෙරෙනු ඇති.

 Viraj Ekanayake- https://plus.google.com/+VirajMadushanEkanayake?rel=author


Thursday, April 17, 2014

Satellite TV තාක්‍ෂණය - චන්ද්‍රිකා තාක්‍ෂණය ....

සැටලිට් TV ගැන දැනගමු...


 මුලින්ම මේ චන්ද්‍රිකා (Satellite) ගැන අදහස ලොවට කිව්වේ අපේ ලංකාවේ ජීවත්ව සිටි ආතර් සී ක්ලාක් මහතා. 1945 දී Wireless World සගරාවේ මෙය පල විය. මෙම සැටලයිට් වර්ග දෙකක් ඇත, ස්වාභාවික (Natural satellite) හා මිනිසුන් විසින් සාදන ලද (Artificial satellites). ස්වාභාවික චන්ද්‍රිකා කියන්නේ ඔය සඳ (චන්ද්‍රයා), උල්කාපාත වැනි විශ්වයේ ඇති ස්වාභාවික දේවලටය. නමුත් මම මේ කතාකරන්නේ මේවා ගැන නොවෙයි. මිනිසුන් විසින් සාදන ලද චන්ද්‍රිකා ගැන. ඒවා යොදාගෙන කොහොමද මේ රුපවාහිනී වැඩසටහන් විකාශනය කරන්නේ කියලා. දැනට ලංකාවේ මේ ආකාරයට වැඩසටහන් චන්ද්‍රිකා යොදාගෙන විකාශනය කරන්නේ ඩයලොග් සමාගම මගින්, ඩයලොග් ටිවී ලෙස.
අපි බලමු මේ communication satellite (සන්නිවේදන චන්ද්‍රිකා) එකක් කියන්නේ මොකද්ද කියලා.


වන්ද්‍රිකාවක් කියන්නේ ඉලෙක්ට්‍රානික උපකරණයක්. අපි පෘථිවියට ඉහලින් අභ්‍යවකාශයේ රඳවා තිබෙන උපකරණයක්. චන්ද්‍රිකා එක එක දේවල් සඳහා යොදා ගනියි. ඡායාරූප ගැනීම, කාලගුණ තොරතුරු වැනි දේ. මේවායින් සන්නිවේදන චන්ද්‍රිකා බොහෝ විට Geostationary චන්ද්‍රිකා වෙයි. මෙහි අදහස නම්, අහසේ (අවකාශයේ) එකම ස්ථානයක තිබීම, ඒ කියන්නේ පෘථිවිය අක්ෂය වටා කැරකෙන වේගයෙන්ම කැරකෙයි. ඒකියන්නේ ලංකාව උඩ්න් චන්ද්‍රිකාවක් තිබුණොත් එය ඕනෑම දවසක, ඕනෑම වෙලාවක එම ස්ථානයේම පවතියි. මේ රූපවාහිනී වැඩසටහන් විකාශනය සඳහා ඇති චන්ද්‍රිකා පිහිටා ඇත්තේ සමකයට ලම්බකව අහසේ බටහිර සිට නැගෙනහිරටයි. (මෙයට Clarke Belt යනුවෙන් කියයි. මේ ආතර් සී ක්ලාක් මහතාට ගරු කිරීමකි). 35786km පමණ ඉහළකින් තමයි මේ චන්ද්‍රිකා අහසේ රඳවා තිබෙන්නේ. චන්ද්‍රිකා අහසේ රඳවා තිබුණද මේවා පොලොවේ සිට පාලනය කරන්නට පුලුවන්. මේවාට බොහෝ විට බලය සපයන්නේ සුර්ය කෝෂ මගින් (solar cells).
Global Navigation Satellite System (GNSS) සඳහා GPS (Global Positioning Satellites) දැනට වන්ද්‍රිකා 32කක් යොදා ගනියි. මේ චන්ද්‍රිකා 32ක් යොදාගෙන GPS Device (උපකරණයකට) ඔබ සිටින ස්ථානය නිවැරදිව කියවිය හැක. (අක්ෂාංශ හා දේශාංශ).

 

GPS චන්ද්‍රිකා උපකාරයෙන් GPS උපකරණයක් ඔබ සිටින ස්ථාන හා ගමන් කරන වේගය, දිසාව සිතියමක පෙන්වන ආකාරය.


ඉස්සෙල්ලා බලමු මොකද මේ චන්ද්‍රිකා රූපවාහිනී විකාශනය හා කුළුණු යොදාගෙන කරන සාමාන්‍ය රූපවාහිනී විකාශනය අතර පවතින වෙනස්කම් කියා. එකක් නම්, සාමාන්‍ය රූපවහිනී විකාශනයේදී ඒ සඳහා උස විකාශන කුළුණු හා ආවරණ කලාපය වැඩිකිරීමට මෙවැනි කුළුණු විශාල ප්‍රමාණයක් යොදාගන්න සිදුවෙයි. ලංකාව ගතහොත් ලංකාව හරියට ආවරණය කිරීමට (හැමෝටම පැහැදිලි දසුන් ලැබීමට) අඩුම වශයෙන් විකාශන කුළුණු10-20 අතර ප්‍රමාණයක් උවමනාය. මෙයට හේතුව වන්නේ, පොලොවේ ඇති බාධක, කඳු, උස ගොඩනැගිලි හා පොලොවේ ඇති වක්‍ර බව. මේ සියල්ල චන්ද්‍රිකා මගින් වලකා ගන්න පුලුවන්. ඉහළ අහසේ රඳවා තිබෙන නිසා බාධක නැති අතර, ආවරණයද පෘථිවියෙන් 3/1 සමාන වන සේ කළ හැක. (මෙය චන්ද්‍රිකා පාලන ස්ථානයට අවශ්‍ය පරිදි වෙනස් කළ හැක).



මුල් කාලයේ විකාශනය කළ වැඩසටහන් ඇනලොග් (Analog) ආකාරයට සිදු කළා. මෙය රුසියාව වගේ රටවල් UHF (Ultra high frequency – 470–862 MHz දක්වා ලංකාවේ සාමාන්‍ය රූපවාහිනී විකාශනය සඳහා යොදාගනියි) පරාසයෙන්ද විකාශනය කළා. (මට මතකයි මම ඔය 9-10 වසරේ වගේ ඉන්න කාලේ ලොකු dish හදාගෙන වහලෙ උඩ නැගල මේ රුසියානු රූපවාහිනී වෑඩසටහන් ලබාගන්න මහන්සි වුණා.) මීට අමතරව C band (3.7–4.2 GHz for down link හා 5.925–6.425 GHz up link සඳහා) එකද යොදාගත්තා, මේවා ලබා ගැනීමට ලොකු Dish (අඩි 7-12 වගේ) භාවිත කිරීමට සිදු විය. මේ නිසා චන්ද්‍රිකා රූපවාහිනී ලබාගැනීම ටිකක් කරදර වැඩක් වුණා, නමුත් විකාශන කලාපය රටවල් කීපයක්ම එකම චන්ද්‍රිකාවකින් කළ හැකිවීම ලොකු රුකුලක් විය, සජීවී රූපවාහිනී වැඩසටහන් හා රූපවහිනී නාලිකාවලට වැඩි ජනගහනයක් සඳහා අඩු පිරිවැයක් සහිතව විකාශනය කිරීමට හැකි විය.


පසුව මේ C band එකේ විකාශනය කරපුවා Digital විදියට කරන්න පටන් ගත්තා. මෙයට කියන්නේ DVB (Digital Video Broadcasting) කියලා. මේ නිසා වැඩ් නාලිකා ගණනක් එක Transponder එකක් මගින් විකාශනය කරන්න හැකි විය. පෙර ඇනලොග් ක්‍රමයේ දී එක නාලිකාවක් පමණයි එක Transponder එකකින් විකාශනය වුණේ.
Transponder එකක් යනු, එක radio band/channel එකක්. මෙය transceiver එකකි. ඒ කියන්නේ එක ලබාදෙන විකාශනයක් ලබාගෙන නැවත විකාශනය කරන relay එකකි. සරලව කිව්වොත්, පොලොවේ සිට විකාශනය කරන එකම දේ “A” චැනලය ඔස්සේ ලබාගෙන “B” චැනලයක් ඔස්සේ කිසිම වෙනසක් නොකර විකාශනය කරයි.
චන්ද්‍රිකාවක Transponder කීපයක් තිබේ. MPEG-2 (Moving Picture Experts Group) (MPEG-2 තමයි DVD සඳහා යොදාගන්නේ) භාවිතයත් එක්කම රූපවල පැහැදිලිකම එන්න එන්න වැඩි විය. මීට අමතරව Surround Sound 5.1, EPG (Electronic Program Guide – වැඩසටහන් විස්තරය සති කීපයක එක රූපවාහිනී තිරයේ බලාගත හැකි ක්‍රමයකි.) වගේ පහසු කම්ද ලැබුණි.


 Digital ක්‍රමයේදී එක Transponder විකාශන හැකියාව මනින්නේ එයට ඇති bandwidth එක මගින්. මෙය 27Mbps, 47Mbps වැනි ආකාරයෙන් ඇත. එනම්, එක 27Mbps Transponder එකකින් නාලිකා 10යක් විකාශනය කරන්නේ නම්, එක නාලිකාවකට ලැබෙන bandwidth ප්‍රමාණය 27/10 = 2.7Mbps වෙයි, මෙය near DVD quality වෙයි.
C Band Dish වල ඇති කරදරය නිසා මේ DTH (Direct to Home) යන්න පැමිණියා. මෙය Direct broadcast satellite (DBS) ලෙසද හඳුන්වනවා. මේ ච්න්ද්‍රිකාවල විශේෂය නම් ඒවා C Band වලදී භාවිත කළ චන්ද්‍රීකාවලට වඩා බලයෙන් වැඩි වීමයි. මේවා Ku band එක ඔස්සේ විකාශනය කරයි. මේ සඳහා යොදාගන්නා Dish එක කුඩා එකක් වීම ප්‍රමාණවත් වෙනවා, 60cm වගේ. මොකද මේ චන්දිකා C Band ඒවාට වඩා බලයෙන් වැඩි නිසා.


චන්ද්‍රිකා විකාශනය කරන විධි කීපයක් තිබෙනවා. එකක් නම් FTA (Free-to-Air), ඕනෑම කෙනෙකුට නොම්ලේ නැරඹිය හැක. ඔය ඉන්දියාවේ දූරදර්ශන් සේවය මගින් DD Direct Plus වශයෙන් චැනල් ගොඩක් ඉන්දියාව සඳහා විකාශනය කරයි. මෙයද ලංකාවේ ඕනෑම කෙනෙකුට නොමිලේ නැරඹිය හැක. තවත් විධ්යක් තමයි Encrypted වශයෙන් කරන විකාශනය, මෙය නැරඹීමට හැක්කේ මුදල් ගෙවා ඒ සඳහා අවශ්‍ය smart card එක හා STB (Set top box) එක ලබා ගෙනය. conditional access system කියන්නේ මේවාටය. මෙය Pay-TV ලෙස හැඳින්වෙයි. ඩයලොග් TV විකාශනය කරන්නේ මෙලෙසයි.
දැනට conditional access ක්‍රම බොහොමයක් ඇත, Irdeto (Irdeto-2 ක්‍රමය ඩයලොග් TV යොදාගනියි), Video guard, Conax, PowerVu, Media guard වශයෙන් ක්‍රම ඇත. මෙම ක්‍රමවලට විකාශනය කරන චන්ද්‍රිකා වැඩසටහන් ලබාගැනීමට, එම සමාගම විසින් නිකුත් කරන ස්මාර්ට් කාඩ් (Smart Card) එකක් හා භාවිත කරන encryption සදහා යොදාගන්නා ක්‍රමයේ CAM (Conditional Access Module) සහිත රිසීවරයක් අවශ්‍යය. (මේවා මොහෝවිට චිකාශනය කරන සමාගම විසින් ලබාදෙයි) සමහර සමාගම් රිසීවරය හා ස්මාර්ට් කාඩ් එක, එකිනෙකා වෙන වෙනම භාවිත කළ නොහැකි ලෙස සකසා ඇත. Dish TV India සමාගම එක උදාහරණයකි. එම සමාගම ලබාදෙන ස්මාර්ට් කාඩ් එක එම රිසීවරය සඳහා පමණක් භාවිත කළ හැකි වන අතර, එම සමාහම විසින්ම නිකුත් කළ වෙන රිසිවරයක වුවද භාවිත කළ නොහැක. මෙම ක්‍රම විධි යොදාගන්නේ එම විකාශන චැනල හොරෙන් ලබා ගැනීම වැලැක්වීමටයි.
චන්ද්‍රිකා විකාශන ලබා ගැනීමට උපරකණ කීපයක් අවශ්‍ය වෙයි, Dish එකක්, LNB (Low-Noise Block Converter) එකක් හා Satellite Receiver (STB – Set-To-Box) එකක්. LNB එක හා Dish එක ඔබ ලබාගන්න යන්නේ C band ද Ku band ද යන්න අනුව වෙනස් වෙයි.

Dish එකෙන් කරන්නේ වන්ද්‍රිකාවෙන් විකාශනය වන signal Dish එකේ වැදී, එක ස්ථානයකට නාභි ගත කිරීමයි, එම නාභිගත වන ස්ථානයට LNB එක සවි කරයි, LNB එකෙන් එම Signal ලබාගෙන වර්ධනය කර කේබලයක් ඔස්සේ යැවීමේදී ඉහළ සංඛ්‍යාතවලට වන හානිය අඩුකිරීමට, චන්ද්‍රිකාවෙන් එන ඉහළ සංඛ්‍යාත පහළ සංඛ්‍යාත බවට පරිවර්තනය කර කේබලය ඔස්සේ receiver එකට යැවීමයි. රිසීවරයට ලැබෙන ඒ සිග්නල් රිසීවරය මගින් අවශ්‍ය චැනල් තෝරාගැනීම වගේ දේවල් කරයි. රිසීවරය මගින් ඇනලොග් වීඩියෝ (Video/Audio) රූපවාහිනිය වෙත ලබා දෙයි. (සමහරි අවස්ථාවන්හිදී මෙය ඩිජිටල් වශයෙන්ද යවනු ලැබෙයි)








Ku band LNB එකක්







C band LNB එකක්

 

 දැනට SDTV (Standard Definition Television) හා HDTV (High Definition Television) වශයෙන් විකාශනය කරයි. නමුත් දැනට දකුනු ආසියාවේ මේ HDTV චන්ද්‍රිකා මගින් විකාශනය නොකරයි. (ජපානයේ HDTV වන්ද්‍රිකා මගින් විකාෂනය කරයි) මෙයට එක හේතුවක් නම් HDTV සඳහා යොදාගන්නේ MPEG-4 වන නිසා SDTV සදහා යොදාගන්නා රිසීවර්වල MPEG-4 සදහා අවශ්‍ය සහය නැතිවීම හා HDTV සඳහා යොදාගන්නා output’s (DVI, HDMI හෝ Component) නැතිකම. software update කළ හැකි වුවද MPEG-4 සදහා, බොහෝමයක් රිසිවර්වල MPEG-2 dicoder එක Hardware chip එක්ක වශයෙන් මිසි software වලින් නොකිරීම. MPEG-2 මගින් වුවද HDTV විකාශනය කළ හැකි වුවද මේ සඳහා යන bandwidth ප්‍රමානය විශාලය. එම නිසා එක transponder එකකින් විකාශනය කළ හැකි චැනල් ප්‍රමාණය චැනල් 3-4 කට සීමාවෙයි.
හරි දැන් බලමු කොහොමද මේ වන්ද්‍රිකා විකාශනය කරන්නේ කියලා. පළමුව වැඩසටහන් සකසන චැනලය විසින් (HBO, Start TV) up link එකක් මගින් චන්ද්‍රිකා වට ලබාදෙයි. මෙය encrypted ලෙස විකාශනය කරයි. මෙය cable TV හෝ සැටලයිට් වැඩසටහන් ලබාදෙන්නා (ලංකාවේ නම් ඩයලොග් TV හා cable TV ලබාදෙන LBN වැනි සමාගම්) විසින් ලබාගෙන ඔහුගේ uplink එක්ක යොදාගෙන මෙය encrypted හෝ FTA වශයෙන් ඔහුගේ පාරිභෝගිකයන්ට විකාශනය කරයි.

රූපවාහිනී වැඩසටහන් වලට අමතරව මේ චන්ද්‍රිකා රූපවාහිනී විකාශකයන් විසින් Game, Ondemand වැඩසටහන්, multi camera (Cricket තරග නම් කැමරා කීපයකින් නැරඹීම වගේම තමන් කැමති කැමරාව තෝරාගැනීම) වැඩසටහන් වගේම සජීවී ස්කොර් වෙගේ දේවල් ද විකාශනය කරයි  


(ස්තුතියි-Hiruneth GSN)


Saturday, February 8, 2014

සිංහල පුස්තකාලය (නොමිලේ)






                          මම අද කියන්න යන්නේ නොමිලේ සිංහල භාෂාවන් ලියඋන පොත් දහස් ගන්නනක් නොමිලේ ලබාදෙන වෙබ් අඩවි කිහිපයක් ගැනයි.
        මෙතනින් සිංහල නවකතා , කෙටිකථා , සගරා , O/L , A/L, පරිගණක , ආගමික, තාක්ෂණික ...... ආදී විවිද අංශ වලට අදාල පොත් pdf  ආකාරයට ලබාගන්න පුළුවනි.
                      පහත link දෙක පාවිච්ච් කරල එම වෙබ් අඩව් වලට ඇතුළු වෙන්න පුළුවනි.


මෙතනින් ඇතුල් වෙන්න 1  
මෙතනින් ඇතුල් වෙන්න 2