Thursday, January 31, 2013

මීය අල්ලලා ඇතිවෙලා?

                                        mouse කියන්නේ වෙලාවකට කරදරයක් කියල හිතිලා නැද්ද?මටනම් ඒක හරි කරදරයක්.ඒකට විසදුමක් හොයනකොට තමයි මේක හම්බඋනේ.මේක අලුත්ම අත්දැකීමක් වෙයි.ඒ තමයි අපේ mouse එක වෙනුවට නහය,ඇස,කන.... පාවිච්චි කරන එකයි. ඔයාල දැන් බලනවා ඇති මේ මොකක්ද මේ හරුපේ කියල.සුරංගයයට   පිස්සුද කියලත් හිතනවා ඇති. අනේ මන්දා මටත් මේක මුලදී හිතාගන්න බැරි වුණා. එත් ටිකක් හිතන්න තාක්ෂනයේ දියුණුව.

                මුලින්ම මේකට වෙබ් කැම් එකක් ඕන කරන්වා. Laptop එකක් තියෙනවනම් වැඩෙ තවත් ලේසියි. තව මේ සඳහාම software එකක් තියෙනවා. එක free ගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ Software එක මාර්ගයෙන් තමන්ගේ මූණ mouse එක හැටියට භාවිතා කරන්න ඉඩ දීමයි. mouse එක හැටියට මූණ නාභිගත කරන්න තමා වෙබ් කැම් එක ඕනකරන්නේ. මොන වුනත් මේක නම් නියමයි. මං මේක try කරල බැලුවා.එළ වගේ වැඩ.ඒ වගේම මාර ෆන්!!! ඔයාලත් කැමතිනම් try කරලා බලන්න. මං මේ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැවැඩේ අමාරු නැහැ.පහළින් Download කරගන්න.ඊට පස්සේ ඔයා  කැමති අවයවය තෝරාගන්න.
                      මතනින් ගන්න.

Sunday, January 27, 2013

Skype වලින් චිත්‍ර අදිමු.

Skype හරහා අපි ගොඩක් වෙලාවට කරන්නේ call කරන chat කරන එකිනෙ.අපට ඊට වඩා දෙයක් කරන්න ඕනේ උනොත්.අඒ කියන්නේ දෙයක් ඇදල පෙන්නන්න ඕනේ උනොත් මොකද කරන්නේ.කොලේක ඇදල පෙන්නනවද? ඒ ඉස්සර.මෙන්න ඔන්ලයින් සජීවීව පින්තූර අදින්න , ගනන් හදන්න ඇතුළු තව වැඩ ගොඩක් ...

                                                                   
තමන්ගේ   අදහසක්   පින්තුරයකට   නගල  ඒක   අනික  අයටත්  එඩිට්  කිරීමේ  පහසුව   ඇතිව   ඔන්ලයින්   share   කරගන්න ..
හැබැයි  මේක  skype  වලින්  පමණක්ම බැහැ. මේකට අපට IDroo  කියන සොෆ්ට්වෙයාර්  එකක්  අපට   යොදාගන්න වෙනවා..... මේ  IDroo  සොෆ්ට්වෙයාර් එක  (වින්ඩෝස්  7  ,  vista , xp  )  වලදී  පාවිච්චි කල   හැකියි
මේ  සොෆ්ට්වෙයාර් එක   personal  පාවිච්චියට  පමණක්  නොමිලයේ  ලබාදෙන  version  එක  පාවිච්චි   කල  හැකි  වන  අතර commercial , education  අවස්ථාවකට  පාවිච්චි  කරනවා  නම්  එහි   registered  version   එක  පාවිච්චි  කල  යුතුයි ...
දැන් අපි  බලමු කොහොමද  මේකෙන්  skype  හරහා  වැඩකරන්නේ  කියලා..
මුලින්ම  ඩවුන්ලෝඩ් කල IDroo  ඉන්ස්ටෝල්  කරන්න.(මෙතැනින් ලබාගන්න) දැන්  ඔබේ ඩෙස්ක්ටොප්    එකට  එකතු වෙලා  තියෙන  IDroo  ෂෝට් කට්  ඒකමත  ක්ලික්   කරන්න..
එවිට ඔබ  skype   වලට   ලොග්  වෙලා   නැතිනම්   නෙට්   හරහා  skype   වලට   ලොග්    වීමට   අවසර  ඉල්ලනවා   මෙන්න   මේ   වගේ  

ඊට   පසුව   මෙන්න    IDroo සොෆ්ට්වෙයාඑක   skype  හා    සම්බන්ද   වීමට   අවසර  ඉල්ලන්න්වා  මෙන්න   මේ   වගේ....මෙහිදී    පහත   රූපය  පරිදි   Allow  access    දෙන්න ..
දැන්  මෙන්න  මේ   වගේ    රුපයක්     ඔයාලට    පෙනෙනවා    ඇති .....මෙතනින්   තමයි   ඔන්ලයින්   පින්තුර   අදින්න    පටන්    ගන්නේ
මුලින්ම   මෙහි   participants   කොටසේ  ඇති  +   ලකුණ   මත ක්ලික්   කර   ඔයාල  ඇදීමට   බලා පොරොත්තු  වන   පින්තුරය  share   කිරීමට   අවශ්‍ය  ඔබගේ    වල  skype    යාලුවෙක්  ( idroo  සොෆ්ට්වෙයාර්   එක   පරිගනකයේ  ඉන්ස්ටෝල්  කර   ඇති )    තෝරාගන්න..
මෙහිදී  අපට අවශ්‍ය  නම් කිහිප  දෙනෙක්  වුනත්  එකතු   කරන්න  පුළුවන් .... අවශ්‍ය වන්නේ  ඔවුනුත් idroo  සොෆ්ට්වෙයාර්   එක   පරිගනකයේ  ඉන්ස්ටෝල්  කරගෙන තියෙන්න ඕනේ.
රුපයේ  පරිදි මෙහි  වම්  උඩ  කෙලවරේ  ඇති     ටූල් පාවිච්චි  කරලා   අපට   අපගේ   skype   මිතුරන්   එක්ක   ඔන්ලයින්  සජීවීව  රුප   අදින්න , ,, ගණන්  සැදීම  , ෆොටෝ  share    කිරීම   වැනි   දේ   කරගන්න පුළුවනි ,,එහෙනම්   ඔයාල හොයල   දුන්න සොෆ්ට්වෙයාර්  එක  පාවිච්චි  කරලා   බලන්න,, දැන් රට ඉදල එයත් එක්ක අලුත් ගෙදර සැලසුම් කරන්න .එහනම් සුරංග ගියා.....

Saturday, January 26, 2013

ෆෝන්හොරු අල්ලමු.
    පෙරුම් පුරලා ගත්තු ෆෝන් එක නැති උනොත් කොහොමද සනීපෙ.
මේ වගේ වෙලාවට ගොඩක් වටින Software එකක් තමයි  මේක. හදලා තියෙන්නේ Nokia සහ ​F-secure කියන සමාගමි දෙක එකතු වෙලා.

මෙන්න ලබාගන්න පුළුවන් පසුකම්,
 Theft Control 


මේ Option එක Active කරාම ඔයාලගේ Phone එකට වෙන Sim එකක් දැම්මෙිත් ඒ බව ඔයාලා Software එක Install කරද්දි දුන්න Trust Number එකට යවනවා. (phone එකට software එක  Install කරනකොට ඔයාගේ තවත් Number එකක් ඉල්ලනවා) Phone එක ගත්ත හොරා සැරින් සැරේට Number එක මාරැ කරත් ඒ බව ඔයාල​ට දැන ගන්න පුලුවන්? 
#LOCK# - Remote Lock For Your Phone

Phone එක තැති උනාම මුලින්ම ඔයා කරන්න දේ තමයි මේ. විදියට #LOCK# < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න.රහස් අංකය Software එක Install කරනකොටම ඔයාලට හදා ගන්න දෙනවා.Massage එක යවපු ගමන් Phone එක සමිපුරනයෙන්ම Lock වෙනවා.එතනින් එහාට මුකුත් කරනවා බොරු.
#LOCATE# - Locate Your Missing Phone
මේක තමයි හොදම Option එක.මෙන්න මේ විදියට #Locate# <රහස් අංකය> දාලා Massage එකක් ඔයාලගේ Phone එක​ට යැවුවම ආපහු Reply එකක් එනවා Google Maps වලින්.ඒ ලින්ක් එක Click කරාම Google Maps On වෙලා Phone එක තියෙන තැන පෙන්වනවා.
මම නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මේ විදිය​ට Locate කරගන්න කියලා,එහෙම Locate කර කර ගිහින් ගත්ත එකා ලගටම ගිහින්  කනට හගන්න කියලා.

 #WIPE# - Remote Wipe Your Phone
මේ දේවල් සේරම කරලා හරිගියේ නැත්නමි අපේ Personal Details අන් අයගේ අතට යන එක වලක්වන්න අන්නිම දේ විදිය​​​ට අපිට කරන්න නියෙන්නේ Phone එකේ තියෙන සේරම දේවල් මකලා දාන එක.හිතට දුකක් තමයි,ඒත් තමන්ගේ පෙීද්ගලික දේවල් වෙන කෙනෙක්ගේ අතට යනව​ට වඩා හොදයි ඒක.ඒකට කරන්න ඕනේ  #WIPE# <රහස් අංකය> ඈතුලු කරලා Massage එකක් යවන එක.

හැබැයි මේක  වැඩ කරන්නේ මෙන්න මේ Os සදහා විනරයි.
  • Android 1.6, 2.x
  • Symbian S60 3rd and 5th Edition
  • Windows Mobile 6 Professional
  • Windows Mobile 6 Standard
  • Windows Mobile 5.0 for Pocket PC
  • Windows Mobile 5.0 for Smartphone 
 ඇතටම මේක වඩාත් ගැලපෙන්නේ ෆෝන් එක නැතිඋනොත් තමයි.හොරකම් කළොත් ටක්ගාල sim එක ගලවනවනේ.ඊට පස්සේ මේකේන් වැඩක් වෙන්නේ නෑ,

බාගෙන ඉවර වෙලා බලලා අනිවාරන්ම Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.
Mobile එක​ට Download කරගන්න මෙතැන ඔබන්න 
              PC එකට Download කරගන්න  මෙතැන ඔබන්න


 ලංකාවේ Samsung ෆෝන් මිල ගණන්.

                ලංකාවේදී ජංගම දුරකථනයක් එකක් මිලදී ගැනීමේදී විවිධ මිල ගණන් දැකගතහැකිය.ඒ අතරින් වර්ථමානයේ වඩාත්ම ජනප්‍රියම දුරකථන මාදිලියක් වන Samsung ලංකාවේ පහත සදහන් මිලගන් වලට ලබාගත හැකියි.මෙම වෙළදසැල් තුනෙන්ම වගකීමේ සහතිකයක් යටතේ දුරකථන මිලදීගත හැකි අතර ,
(රු.25.000 ලෙස සටහන්ව ඇති දුරකථනයක්.)සමහර අවස්ථාවලදී වගකීමක් රහිතව ඊට  වඩා රු.2000-3000 ක් පමණ  අඩුවට ලබාගත හැකි අවස්ථා දැකිය හැක. (Eg.කොටුවේ )

දුරකථන වර්ගය Telescience
Celltronics  Mitsu Mobile

Samsung Guru 1205

3,550 - 3,550

Samsung E2232 Duos

6,750 - 6,500

Samsung E2252

8,200 - 8,250

Samsung Champ Neo Duos

9,700 9,900 9,900

Samsung Champ

11,900 - 10,900

Samsung Galaxy Pocket

14,500 14,900 14,900

Samsung PRIMO

- - 15,250
 

Samsung Star 3 Duos

 

14,250 15,900 -

Samsung Galaxy Y

15,750 17,900 -

Samsung Galaxy Y Duos

20,500 22,900 20,900

Samsung Galaxy Y Pro

- 23,900 24,900

Samsung Galaxy Ace

27,900 28,900 28,900

Samsung Galaxy Ace Duos

27,900 - 30,900

Samsung Galaxy Ace 2

37,000 - 35,900

Samsung Galaxy Ace Plus

- 30,900 33,900

Samsung Galaxy S Duos

37,500 39,900 39,900

Samsung Galaxy S Plus

43,900 - -

Samsung Galaxy S Advance

42,000 - 44,900
 

Samsung Galaxy S III Mini

46,500 - 53,900

Samsung Galaxy S II

55,000 - 57,900

Samsung Galaxy Note

78,000 68,900 65,900

Samsung Galaxy S III

74,900 75,900 75,900

Samsung Galaxy Note II

89,500 87,900 84,900
Samsung Tablets

Samsung Galaxy Tab-2 7

- 54,900 49,900

Samsung Galaxy Tab 7+

- 59,900 -

Samsung Galaxy Tab-2 10.1

67,500 - 66,900

Samsung Galaxy Note 10.1

- - 85,900
 

අලුත් ගැජට් එකක්

Galaxy ෆෝන් අතරට කැමරාවක්.

 කැමරා ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමින් ලෝ ප්‍රකට Samsung සමාගම තම නවතම නිර්මාණය වන Samsung Galaxy Camera එක හදුන්වා දී තිබෙනවා.2012 නොවැමබර් මස හදුන්වා දුන් මෙම කැමරාව මෙ වන විටත් ලංකාවෙ කිසිම වෙබි අඩවියක් හෝ Samsung බලයලත් නියෝජිතයකු විසින් ශ්‍රි ලංකාවට හදුන්වා දි නැහැ.ඒත් මාලදිවයිනේ මේ කැමරාව මිලදී ගැනීමට පුළුවන්.හැමෝටම කුතුහලයක් ඇති මේ අලුත් ගැජට් එක ගැන.

මෙය නිල වශයෙන් Samsung Galaxy Camera GC100 ලෙසයි නමි කර ඈත්තේ.පෙනුමෙන් සාමාන්‍ය Digital Camera එකක් ලෙස පෙනුනද,මෙතෙක් Camera එකක් සදහා භාවිතා කරන ලද හොදම තාක්ෂණය යොදා මෙය නිපදවා තිබෙනවා. 

මෙම කැමරාව 3G හා 4G තාක්ෂනයෙන් යුතුව Quad-core 1.4 GHz Cortex-A9 පොසසරයකින් සහ 2GB Ram මතකයකින් යුක්තයි.එසේම මෙම කැමරාවෙන් නිසි ප්‍රතිඵල ලබා ගැනීම සදහා ජංගම දුරකථන Sim පතක් භාවිතා කල යුතුය.16.3 Mega Pixel වලින් යුතු මෙම කැමරාව 21x Optical Zoom වලින්ද යුක්තයි.ලොව ප්‍රථම වතාවට මෙම කැමරාව Android Jelly Bean මෙහෙයුමි පද්ධතිය මගින් බලගන්වා ඈත.8GB internal Memory වලින් යුත් මෙම කැමරාව 64GB දක්වා භාහිර මතකයක් සදහා සහය ලබා දෙයි.
සාමාන්‍ය Android ජංගම දුරකථනයක් මෙන් Contact රදවා තබා ගැනීම,SMS පණිවිඩ යැවීම,අන්තර් ජාලයට සමිබන්ද වීම,ගීත ඈසිම වැනි කටයුතු කිරීමටද මෙම කැමරාව​ට හැකිය.නමුත් දුරකථනයක් විදියට භාවිතා කීරිමට නොහැකිය.මෙම කැමරාවෙි Home Screen එකද සාමාන්‍ය Android දුරකථනයක් මෙන් වෙී.
ඉතා බලගතු මෙම කැමරාව මෙ වන විටත් $499.99 මුදලකට වෙලද පලට ඉදිරිපත් කර හමාරය.මාලදිවඉනේ MRF.10800 වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්.ඒ කියන්නේ ආසන්න වශයෙන් $654.54 වගේ වෙනව.ලංකාවේ මිලගණන් මිට වඩා අඩුවෙන්න පුළුවන්.හැබැයි කොටුවේ.පහතින් එම කැමරාවෙ වැඩි විස්තර හා ඡායාරැප දක්වා ඈත.කැමරාවකට මේතරම් මුදලක් වැයකරනවද කියන එක ඔයාතීරණය කරන්න ඕනේ දෙයක්.